( Rayyan Mohammad Abu Mualla) නම්, තරුණයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි, පලස්තීන බලධාරීහු පවසති. බටහිර ඉවුරේ උතුරුකර ඛබටීයා (Qabatiya) නගරය ඊශ්‍රායල හමුදා විසින් වටලන ලදී.
එම වැටලීමේදී ත්‍රස්තවාදියකු විසින් ඊශ්‍රායල හමුදා වෙත ගල් ප්‍රහාරයක් එල්ල කළ බව, එම හමුදා පැවසූහ. ඊට එරෙහිව වහා ක්‍රියාත්මකව ත්‍රස්තවාදියා වෙඩි තබා ඝාතනය කළ බව, ඊශ්‍රායල හමුදා කියා සිටියහ.
වීදි ලාම්පු එළියෙන් එම නගරයේ මෙහෙයුමේ නිරත ඊශ්‍රායල හමුදා භටයකු මුවා ව සිටින ස්ථානයකට නුදුරේ, භටයකු අඳුරු ස්ථානයක් අසල සිටගෙන සිටින අතර තවත් භටයකු යාබද වීදියක සිට ඉලක්කය ගන්නා අයුරුත්, අනතුරුව වීදිය ඔස්සේ ඇවිද ආ පුද්ගලයකු එම අඳුරු ස්ථානය අසලට ලඟා වත්ම, මුවා ව සිටි භටයා ඔහුට වෙඩි තබන අයුරුත් දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන මුදා හැර තිබේ. වෙඩි කෑ පුද්ගලයා අත ගල් මුගුරු කිසිවක් ඇති බවට එහි සාක්ෂි නැතැයි, රොයිටර්ස් පුවත් සේවය කියයි.
සී.සී.ටී.වී. දර්ශන ආරම්භ වන්නේ, වෙඩි තැබීමට මිනිත්තු හයකට පෙරාතුවය. නගර වීදි හිස්ව ඇති බව එහි දැක්වේ. හමුදා රථයක් වීඩිය ඔස්සේ පහළට ධාවනය කෙරේ. භටයින් එහි ලඟා වනයුර, කිසිවකු වහලයක් මත සැඟවී බලා සිටී. තවකකු, ජනෙල් පළුවක් මෑත් කර ඒ දෙස හොරැහින් නෙත් මානන්නේය.
වෙඩි තැබීමට පෙර, ඊට ලක් වූ පුද්ගලයා තත්පර තුනක කාලයක් එම දර්ශන වල දක්නට ලැබේ. ඊට පෙර, ඔහු අත යමක් දරා සිටී දැයි එහි සටහන්ව නැත.
අදාළ සී.සී.ටී.වී. දර්ශන රොයිටර්ස් පුවත් සේවය විසින් එහි හිමිකරු වෙතින් ලබා ගෙන තිබේ. ඒ අනුව, එහි කාලය සහ දින වකවානු සනාථ කළ බව, එම පුවත් සේවය පවසයි. එම අවස්ථාවේ පැවති අඩු ආලෝක තත්ත්වය සහ කැමරා කෝණය කරණකොට දර්ශන එතරම් පැහැදිලි නැතැයි එම පුවත් සේවය කියයි.
වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් සිය පුතුගේ සිරුර ඊශ්‍රායල හමුදා රැගෙන ගිය බව ඔහුගේ මව කියා සිටියාය. "මට මගේ දරුවාගේ මළ සිරුර අවශ්‍යයි. ඔහුගේ දේහය ගෞරවාන්විතව මිහිදන් කළ යුතුයි. ඔහු, ඔවුන් වෙත කිසිවක් දමා ගැසුවේ නෑ. ඕනෑම නම්, ඔහු නොමරා කකුලකට වෙඩි තියන්න තිබුණා," මොල්ලා ගේ මව කියා සිටින්නීය.
මෙම වසර මුල සිට බටහිර ඉවුරේ උතුරේ දෙස, ඊශ්‍රායල හමුදා වැටලීම් වර්ධනය කෙරිණි. මෙතෙක් සිදු කළ හමුදා වෙඩි තැබීම් හමුවේ පලස්තීන තරුණයින් 53 දෙනෙක් මරුමුවට පත් ව ඇත.
එම පෙදෙස් හි, ඊශ්‍රායල වැසියන්ගේ ආරක්ෂාව පතා, සන්නද්ධ පලස්තීන කැරලි කරුවන් වැටලීම පිණිස හමුදා මෙහෙයුම් තර කර ඇතැයි, ඊශ්‍රායල හමුදා පවසති. සෙනසුරාදා සිදුවීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වන බව ද ඔවුහු කියා සිටිති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Israeli military says it is examining killing of Palestinian teen in West Bank




