BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බංග්ලාදේශ උද්ඝෝෂකයෝ මාධ්‍යවේදීන් ගිනි තබා මරන්න හදලා..!

T

The Leader Desk

December 23, 2025 • 5:59 AM

බංග්ලාදේශ උද්ඝෝෂකයෝ මාධ්‍යවේදීන් ගිනි තබා මරන්න හදලා..!  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශයේ ජනමාධ්‍යවේදීන්ට එල්ලවන ජීවිත තර්ජන උත්සන්න ව ඇතැයි, එරට ප්‍රමුඛ පුවත්පත් කතුවරු අනතුරු අඟවති. එය දිවි රැක ගැනීමේ සටනක් තෙක් ප්‍රවර්ධිතව ඇතැයි, ඔවුහු අවධාරණය කර සිටිති.
  • එහි රෝහලෙක වැඩි දුර ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඉකුත් 18 දා ජීවිතක්ෂයට පත් විය.
  • වීදි බට උද්ඝෝෂකයෝ, දේපළ ගිනිබත් කරමින්, කලහකාරී ලෙස අරගලයේ  යෙදුණහ.
  •     එම පුවත්පත්, ඉන්දියානු අභිමතය ඉස්මතු වන සේ, සහ ෂෙයික් හසීනාගේ අභිලාශය පරිදි කටයුතු කරන බවට උද්ඝෝෂකයෝ චෝදනා කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


එන වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත එරට මැතිවරණයට සූදානම් වෙමින් සිටි ෂරිෆ් ඔස්මාන් හාදි (Sharif Osman Hadi) නම්, 32 හැවිරිදි ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ඉලක්ක කර ඉකුත් සිකුරාදා (12) වෙඩි තැබීමක් සිදු විය. හිසට එල්ල වූ වෙඩි පහරින් බරපතල තුවාළ ලත් එම ශිෂ්‍ය ක්‍රියාකාරිකයා මූලික ප්‍රතිකාර වලින් අනතුරුව,  සිංගප්පූරුව බලා පිටත් කර හැරිණි. එහි රෝහලෙක වැඩි දුර ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඉකුත් 18 දා ජීවිතක්ෂයට පත් විය.

එම මරණයත් සමග එරට  මහජන කැළඹීම් හට ගත්තේය. වීදි බට උද්ඝෝෂකයෝ, දේපළ ගිනිබත් කරමින්, කලහකාරී ලෙස අරගලයේ  යෙදුණහ. බංග්ලාදේශයේ ප්‍රධාන පෙළ පුවත්පත් ආයතන කිහිපයක් සහ සංස්කෘතික මධ්‍යස්ථාන ද ඔවුන් විසින් ගිනිබත් කෙරිණි. එරට විශාලතම දිනපතා පුවත්පත වන ප්‍රොතොම් අලෝ ( Prothom Alo) සහ  ඩේලි ස්ටාර් ( Daily Star) පුවත් පත් කාර්යාල වෙත ද එම ප්‍රහාර එල්ල විය. ගිනි නිවන හමුදාව විසින් ගින්න පාලනය කළ අතර, ගොඩනැගිලි තුළ සිර ව සිටි මාධ්‍යවේදීන් බේරා ගැනීමට කටයුතු කෙරිණි.  

 

එම පුවත්පත්, ඉන්දියානු අභිමතය ඉස්මතු වන සේ, සහ ෂෙයික් හසීනාගේ අභිලාශය පරිදි කටයුතු කරන බවට උද්ඝෝෂකයෝ චෝදනා කළහ. පුවත්පත් කතුවරු  එම චෝදනා ප්‍රතික්ෂේප කරති. බංග්ලාදේශ ජන අරගලයෙන් ධුරය අහිමි වූ හිටපු අගමැතිනි, හසීනා ඉන්දියාවට පලා ගියාය.

වත්මන, බංග්ලාදේශ පාලනය, නොබෙල් ත්‍යාග ලාභී,  මුහම්මද් යූනුස් ගේ නායකත්වයෙන් යුත්  අන්තර්වාර පරිපාලනයක් යටතේ ක්‍රියාත්මකය. එම පාලනය, හසීනා රටින් පිටුවහල් කිරීමේ සූදානමින්  පසුවේ.

බංග්ලාදේශයේ ජනමාධ්‍යවේදීන්ට එල්ල වී ඇති මරණ තර්ජනවලට විරෝධය පා පුවත්පත් කතුවරුන්ගේ සභාව සහ පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය එකාබද්ධව විශේෂ රැස්වීමක් ද සංවිධානය කර තිබිණි. එහිදී අදහස් දැක්වූ, ඩේලි ස්ටාර් (Daily Star) පුවත්පතේ ප්‍රධාන කර්තෘ, මාෆුස් අනාම් (Mahfuz Anam), ජනමාධ්‍යවේදීන් වෙත ප්‍රබල මරණීය තර්ජන එල්ල වෙමින් ඇතැයි ප්‍රකාශ කළේය.

1219 bangladesh 1

 

ඩේලි ස්ටාර් සහ ප්‍රොතොම් අලෝ පුවත්පත් හි මාධ්‍යවේදීන් ද දඩයම් කර ඔවුන් සිය නිවෙස් තුළදීම ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍යයේ අදහස් හුවමාරු වන බව, ඔහු එහිදී අවධාරණය කර සිටියේය. "ප්‍රශ්නය ඇත්තේ නිදහස් භාෂණය පිලිබඳ අයිතිය සම්බන්ධයෙන් නොවේ. එය දැන් ජීවත්වීමේ අයිතිය පිලිබඳ අභියෝගයක්," අනාම් පැවසීය.

ගෝලීය මාධ්‍ය නිදහස පිලිබඳ දර්ශකයේ රටවල් 180ක් අතරින් බංග්ලාදේශය 149 වන ස්ථානයේ පසුවේ. ළඟ එන ජාතික මැතිවරණය හමුවේ ජනමාධ්‍යවේදීන්ට සහ සමාජ ක්‍රියාකාරීන්ට එල්ල වන තර්ජන  සිවිල් අවකාශය හැකිලීමක් බව, ඒ පිලිබඳ විචාරකයෝ පෙන්වා දෙති.

ඉකුත් දා උද්ඝෝෂකයින් විසින් පුවත් පත්  කාර්යාල ගිනි තැබූ අවස්ථාවේ, සහෝදර මාධ්‍යවේදීන් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ එරට පුවත්පත් කතුවරුන්ගේ සභාවේ සභාපති සහ නිව් ඒජ් (New Age) පුවත් පතේ ප්‍රධාන කර්තෘ, නුරුල් කබීර් (Nurul Kabir) උද්ඝෝෂකයින්ගේ ප්‍රහාරයට ලක් විය. එම ප්‍රහාරකයින් විසින් මාධ්‍යවේදීන්ව සිය කාර්යාල තුළදී "පණ පිටින් පුළුස්සා" දැමීමට දැඩි උත්සාහයක් ගත් බව ඔහු සඳහන් කළේය.

 

බංග්ලාදේශ  ජාතික මැතිවරණය එළැඹෙන පෙබරවාරි 12 වන දාට යෙදී තිබේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Bangladesh editors warn of 'fight for survival' as mob violence targets media

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...