BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

චීන ආයෝජන සමාගමක ප්‍රබලයන් රැසකට වසර ගණනක සිර දඬුවම්

T

The Leader Desk

December 23, 2025 • 9:16 AM

චීන ආයෝජන සමාගමක ප්‍රබලයන් රැසකට වසර ගණනක සිර දඬුවම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෙයිජිං අධිකරණයකින් චීනයේ සොඞ්ෂි සමාගම් සමූහයේ ( Zhongzhi Enterprise Group) හිටපු සභාපති ඇතුළු පිරිසකට වසර 4 සිට 14 දක්වා සිර දඬුවම් නියම කෙරේ.
  • ඊට අමතරව, දඬුවම් ලද විධායක අධ්‍යක්ෂවරුන් මූල්‍ය දඩයකට ද යටත් කර ඇත.
  • ඔහු ඇතුළු අනෙකුත් විත්ති කරුවන් විසින් එරට ජාතික මූල්‍ය කළමනාකරණ නීතීන් සහ මූල්‍ය ප්‍රතිපත්ති නියමයන්  උල්ලංඝනය කර ඇතැයි, අධිකරණයේදී අනාවරණය විය.
  •  2024 අගෝස්තු මස ගාවෝ ඇතුළු එහි විධායක නිලධාරීන් 48 දෙනකුට එරෙහිව ඒ සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ගොනු කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිවිරෝධී ලෙස පොදු අරමුදල් පරිහරණය සම්බන්ධයෙන් එම දඬුවම් පමුණුවා තිබේ. ඊට අමතරව, දඬුවම් ලද විධායක අධ්‍යක්ෂවරුන් මූල්‍ය දඩයකට ද යටත් කර ඇත. එම දඩ මුදල් කෙතෙක් දැයි අනාවරණය කර නැත.

මූල්‍ය ආයෝජන  දේපළ කළමනාකරණ සමාගමක් වන එහි හිටපු සභාපතිවරයා ගාවෝ (Gao) නම් අයෙකි. ඔහු ඇතුළු අනෙකුත් විත්ති කරුවන් විසින් එරට ජාතික මූල්‍ය කළමනාකරණ නීතීන් සහ මූල්‍ය ප්‍රතිපත්ති නියමයන්  උල්ලංඝනය කර ඇතැයි, අධිකරණයේදී අනාවරණය විය.  2024 අගෝස්තු මස ගාවෝ ඇතුළු එහි විධායක නිලධාරීන් 48 දෙනකුට එරෙහිව ඒ සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ගොනු කෙරිණි.

සමාගම 2024 ජනවාරි මස බංකොලොත් භාවය ප්‍රකාශ කර සිටියේය. එරට දේපළ වෙළඳපොල අර්බුද එට හේතු වශයෙන් දැක්විණි. ඊට පෙර, එම සමාගම, ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3ක ට අධික එරට සෙවනැළි බැංකු මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කොටස් කරුවකු විය. එරට දේපළ පිලිබඳ අභ්‍යන්තර ණය අර්බුදය, පෘථුල මූල්‍ය ක්ෂේත්‍රය තෙක් පැතිර යන බවට ද සැක පල කෙරිණි.

බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, සොඞ්ෂි සමූහය, ආයෝජකයින්ගෙන් සමාව අයැද සිටි අතර, ඇමෙරිකානු ඩොලර් බිලියන 64 කට අධික මූල්‍ය වගකීම් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කළ නොහැකි බව දන්වා සිටියේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චීන ආයෝජන සමාගමක ප්‍රබලයන් රැසකට වසර ගණනක සිර දඬුවම් | The Leader