BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉන්දියාව හා යුරෝපය අතර නව මාවතකට මුල පිරේ

T

The Leader Desk

December 23, 2025 • 2:11 PM

ඉන්දියාව හා යුරෝපය අතර නව මාවතකට මුල පිරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු, එන සතියේ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ.
  • ග්‍රීක අග්‍රාමාත්‍ය, කීර්යාකොස් මිට්සොටාකීස් (Kyriakos Mitsotakis) සහ සයිප්‍රස් ජනපති නීකොස් ක්‍රිස්ටොඩූලීදෙස් (Nikos Christodoulides) සමග  ජෙරුසෙලමේ පැවති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ඒ බව කියා සිටියේය.
  • ඊශ්‍රායලයේ ඇසට වැලි ගසා ඉරානය මෑත කාලීන න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කළ බව, ඊශ්‍රායලය දන්නා බව ඔහු එහිදී පැවසීය.
  • ඉරානයේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්, මැද පෙරදිග ස්ථාවරත්වයට එරෙහි   සාම්ප්‍රදායික තර්ජනයක් බව බටහිර මතය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහිදී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ ජනපති ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව, ඔහු  ඊයේ (22) පැවසීය.

ග්‍රීක අග්‍රාමාත්‍ය, කීර්යාකොස් මිට්සොටාකීස් (Kyriakos Mitsotakis) සහ සයිප්‍රස් ජනපති නීකොස් ක්‍රිස්ටොඩූලීදෙස් (Nikos Christodoulides) සමග  ජෙරුසෙලමේ පැවති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ඒ බව කියා සිටියේය. ඊශ්‍රායලයේ ඇසට වැලි ගසා ඉරානය මෑත කාලීන න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කළ බව, ඊශ්‍රායලය දන්නා බව ඔහු එහිදී පැවසීය.

ඉරානයේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්, මැද පෙරදිග ස්ථාවරත්වයට එරෙහි   සාම්ප්‍රදායික තර්ජනයක් බව බටහිර මතය යි. එරට න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනයට සූදානම් වන බවට චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි.

කෙසේවෙතත්, එන සතියේ ජනපති ට්‍රම්ප් සමග   සාකච්ඡාවල ඉලක්කය  ගාසා සාම සැලැස්මේ මීළඟ අදියර සහ ලෙබනනයේ සිටින ඉරාන හිතවාදී හිස්බුල්ලා සටන්කරුවන් පිලිබඳ බව, අගමැති නෙතන්යාහු අවධාරණය කර සිටියේය. ඊශ්‍රායලයේ අපේක්ෂාව ස්ථාවර, ස්වෛරී ලෙබනනයක් බවත්, යේමනයේ, ඉරාන හිතෛශී හුති ත්‍රස්තයින් විසින් ජාත්‍යන්තර නාවික ගමනාගමනයට එල්ල කෙරෙන බාධා  අවසන් කළ යුතු බවත්, ඔහු කියා සිටියේය.

ඊශ්‍රායලය, ග්‍රීසිය සහ සයිප්‍රසය අතර ආරක්ෂක සබඳතා තර කිරීමට ද එහිදී එකඟතා පල විය.  රටවල් ත්‍රිත්වය විසින් මැද පෙරදිග ඔස්සේ, මුහුදින් සහ දුම්රියෙන්, ඉන්දියාව, යුරෝපයට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියකට මුලපුරා තිබේ.  

එය  යුරෝපය සහ මැද පෙරදිග ඔස්සේ, තවත් රටවල් යා කෙරෙන අග්නිදිග  ද්වාරයක් ලෙස ක්‍රියාත්මකය.

තෙරට  ජාතික විදුලි බල ජාල, යුරෝපය සහ අරාබි අර්ධද්වීපය සමග සම්බන්ධ කරමින්  දිය යට රැහැන් සම්ප්‍රේෂණ පද්ධතියක් ද ඉදි කෙරේ. අග්නිදිග යුරෝපය බලශක්ති  කේන්ද්‍රයක් බවට පත් කිරීම එහි අරමුණයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

Netanyahu to discuss Iran, next phase of Gaza plan with Trump

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...