BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බොන්ඩි වෙරළේ නත්තල නිහඬයි

T

The Leader Desk

December 25, 2025 • 7:54 AM

බොන්ඩි වෙරළේ නත්තල නිහඬයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාවේ බොන්ඩි ප්‍රදේශයේ මෙවර නත්තල් සැමරුම් නිහඬ ස්වභාවයක් ගෙන තිබේ.
  • දශක 3කට පමණ පසු එහි සිදු වූ අතිශය දරුණුතම සමූහ පුද්ගල ඝාතනය එය වේ.
  • නත්තල්  දා, වෙරළ තීරයට රැස් වූ බොහෝ පිරිස් එහි වූ නත්තල් ගස අසල සිට  ඡායාරූප ගැනීමේ නිරත වූහ.
  • ඇතැමෙක් ජීවිතාරක්ෂක නිල්ලධාරීන් හා ඡායාරූපයට එක් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

සතියකට පමණ ඉහත, ජනප්‍රිය බොන්ඩි වෙරළ තීරයේ යුදෙව් සැමරුමකට පිය - පුතු ප්‍රහාරක දෙපළක් එල්ල කළ ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකින් පුද්ගල ජීවිත 15ක් අහිමි විය. දශක 3කට පමණ පසු එහි සිදු වූ අතිශය දරුණුතම සමූහ පුද්ගල ඝාතනය එය වේ.

බොන්ඩි වෙරළ තීරය එරට සාම්ප්‍රදායික නත්තල් ගමනාන්තයකි. මේ වන විට, එහි පොලිස් ආරක්ෂාව තර කර තිබේ. නත්තල් හිස්වැසුමින් සැරසි   බොහෝ පිරිසක් එහි එක්ව සිටියද, ඒ සියල්ලන්ගේම සිත් පසු ගිය දා සිදු වූ මනුෂ්‍ය ඝාතනයෙන් සසලව පවතී. එහිදී විපතට පත්වූවන්ගේ පවුල් සාමාජිකයින් වෙනුවෙන් ඔවුහු සිය ශෝකය පල කළහ.

 

ඊයේ, එරට පාර්ලිමේන්තුවේදී මහජන එකරාශිවීම් පිලිබඳ නව පනතක් ද  සම්මත කෙරිණි. ඒ අනුව, රට පුරා එම නීති දැඩි කර තිබේ.

නත්තල්  දා, වෙරළ තීරයට රැස් වූ බොහෝ පිරිස් එහි වූ නත්තල් ගස අසල සිට  ඡායාරූප ගැනීමේ නිරත වූහ. ඇතැමෙක් ජීවිතාරක්ෂක නිල්ලධාරීන් හා ඡායාරූපයට එක් වූහ. පවතින සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඒ වෙත පැමිණෙන පිරිස් හි පැහැදිලි අඩුවක් දක්නට ලැබිණි.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ ස්ථානය අසල පිහිටි, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බොන්ඩි ප්‍රේක්ෂකාගාර ගොනගිල්ලේ ධජ තවමත් අඩ කුඹව ලෙලදේ.

 

bondip983

නත්තල් දින, මෙල්බර්න් නුවරදී, "සුභ හනුක්කාවක්" ( Happy Chanukah) ලෙස සටහනක් යෙදූ මෝටර් රථයකට ගිනි තැබිණි. සිද්ධියෙන් කිසිවකුටත් තුවාළ නැතැයි, ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

870d9a94 1d40 4a6e bd47 f0e6813ebe25

 

එරට යුදෙව් ජාතිකයින්ට එරෙහිව සිදු වන අමානුෂික ක්‍රියා අවසන් කිරීමට අග්‍රාමාත්‍ය, ඇන්තනී ඇල්බනීස් තවමත් නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බවට පෘථුල චෝදනා පවතී.

2023 ඔක්තෝබර ගාසා සටන් ඇරඹි තැන් සිට ඕස්ට්‍රේලියාවේ ස්ථාන රැසක යුදෙව් විරෝධී ප්‍රහාර එල්ල විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
12/25/2025

මුලාශ්‍රය :

Christmas celebrations muted at Bondi as Australians grieve after deadly shooting

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...