BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

නත්තල් දා එක්සත් ජනපදයෙන් නයිජීරියාවේ අයිසිස් සටන්කාමීන්ට දැවැන්ත ප්‍රහාරයක්

T

The Leader Desk

December 26, 2025 • 5:13 AM

නත්තල් දා එක්සත් ජනපදයෙන් නයිජීරියාවේ අයිසිස් සටන්කාමීන්ට දැවැන්ත ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නයිජීරියාවේ රජයේ ඇරයුමින් එක්සත් ජනපද හමුදා, එරට අයිසිස් (Islamic State) සටන්කාමීන් සොයා ඊයේ (25) ගුවනින් සහ සයුරේ සිට ප්‍රහාර එල්ල කළහ.
  • " හමුදා ප්‍රධානියා ලෙස මගේ අණින්, අද රාත්‍රී එක්සත් ජනපද හමුදා වයඹ දිග නයිජීරියාවේ අයිසිස් ත්‍රස්ත කුණු කන්දට ප්‍රබල වූත්, මරණීය වූත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා.
  • ඔවුන් සිතා මතාම සහ මූලිකව, අහිංසක කිතුණු ජනයා ඝාතනය කිරීමේ සැලසුමින් සිටි බව අනාවරණය වූවා.
  • වසර ගණනක් යන තෙක් ඇතැම් විට, පෙර ශතවර්ෂ ගණනක් අපට ඔවුන්ගේ සියුම් වැඩපිළිවෙළ හරි හැටි නිරීක්ෂණය වූයේ නැහැ," ට්‍රම්ප් ටෘත් (Truth) සමාජ ජාලයේ සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සටන්කාමීන්, කලාපයේ  කිතුණු ජනයා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට සැලසුම් අනාවරණය වීමත් සමග එක්සත් ජනපද හමුදා විසින් එම මෙහෙයුම දියත් කර තිබේ.

" හමුදා ප්‍රධානියා ලෙස මගේ අණින්, අද රාත්‍රී එක්සත් ජනපද හමුදා වයඹ දිග නයිජීරියාවේ අයිසිස් ත්‍රස්ත කුණු කන්දට ප්‍රබල වූත්, මරණීය වූත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන් සිතා මතාම සහ මූලිකව, අහිංසක කිතුණු ජනයා ඝාතනය කිරීමේ සැලසුමින් සිටි බව අනාවරණය වූවා. වසර ගණනක් යන තෙක් ඇතැම් විට, පෙර ශතවර්ෂ ගණනක් අපට ඔවුන්ගේ සියුම් වැඩපිළිවෙළ හරි හැටි නිරීක්ෂණය වූයේ නැහැ," ට්‍රම්ප් ටෘත් (Truth) සමාජ ජාලයේ සඳහන් කළේය.

නයිජීරියානු බලධාරීන්ගේ ඇරයුමින්, එරට සොකොටෝ  (Sokoto) ප්‍රාන්තයේ දියත් කළ එම ප්‍රහාර මාලාවෙන් අයිසිස් ත්‍රස්තයින් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ බව, එක්සත් ජනපද හමුදා අප්‍රිකානු මූලය සඳහන් කළේය.



නයිජීරියාව තුළ කිතුනු ජනයා වඳ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි, ජනපති ට්‍රම්ප් ඉකුත් ඔක්තෝබරයේ ප්‍රකාශ කළේය. එහිදී, එරට කිතුවන්ට නිසි ආරක්ෂාව සැලසීමට අපොහොසත් වීම පිලිබඳ නයිජීරියානු හමුදා ඔහුගේ උදහසට ලක් විය.

නොවැම්බර අග භාගයේ සිට එක්සත් ජනපද හමුදා විසින්, නියමුවන් රහිත ඔත්තු යානා මගින් නයිජීරියාවේ ඉහළ අහසේ සිට ඒ පිලිබඳ බුද්ධි තොරතුරු රැස් කෙරිණි.

ඊයේ ප්‍රහාර, එක්සත් ජනපද හමුදා හා එක්ව දැනට ක්‍රියාත්මක හමුදා මෙහෙයුමේ කොටසක් ලෙස ක්‍රියාවට නැංවූ බව, නයිජීරියා විදේශ අමාත්‍යංශය පැවසීය. බුද්ධි තොරතුරු හුවමාරුව සහ සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කළ සම්බන්ධීකරණය ඔස්සේ එය ක්‍රියාත්මක විය.  



එම මෙහෙයුම පිණිස නයිජීරියානු රජය දුන් සහයෝගය සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සිය ස්තුතිය පුද කළේය. වැඩි දුර ඉදිරි ප්‍රහාර අපේක්ෂාවෙන් සිටින ලෙස ද ඔහු දැනුම් දුන්නේය.

මුස්ලිම් ජනයාද අයිසිස් ත්‍රස්ත තර්ජනයන්ට මැදිව ඇතැයි නයිජීරියා රජය පවසයි. එරට උතුරු ප්‍රදේශයන්හි බහුතර මුස්ලිම් ජනගහනයක් පවතින අතර බටහිර කලාපයේ කිතුනු ජනයා වාසය කරති.

අයිසිස් බලපෑමට යටත්ව ඇති ඊශානදිග නයිජීරියාවේ ඊයේ සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 35 දෙනෙකුවත් තුවාළ ලදහ.

President Bola Ahmed Tinubu

විවිධ ආගමික විශ්වාස සහිත ජන කොටස් අතර සාමය පවත්වා ගන්නා ලෙස ආයාචනා කරන බව, නයිජීරියානු ජනපති, බෝලා අහ්මෙඩ් ටිනුබු  (Bola Ahmed Tinubu), එක්ස් (X) මත සිය නත්තල් පණිවුඩයෙන් කියා සිටියේය.  


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
12/26/2025

මුලාශ්‍රය :

US says it struck Islamic State militants in northwest Nigeria


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...