BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල භටයකු බටහිර ඉවුරේ පලස්තීනුවකු යට කරයි

T

The Leader Desk

December 27, 2025 • 3:33 AM

ඊශ්‍රායල භටයකු බටහිර ඉවුරේ පලස්තීනුවකු යට කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉවුරේ මාර්ගයක් අසල පෙරේදා (25) යාඥාවේ නිරත වෙමින් සිටි පලස්තීනුවකු මතට මෝටර් රථයක් ධාවනය කර අනතුරක් සිදු කිරීමට තැත් කළ ඊශ්‍රායල හමුදා භටයකු අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා භටයා සේවයෙන් ඉවත් කර ඇතැයි, ඊශ්‍රායලය කියයි.
  • ප්‍රහාරයට ලක් වූ පලස්තීනුවා  ප්‍රතිකාර පිණිස රෝහල වෙත පිටත්ව ගොස් ඇත.
  • ඔහු නිරුප්‍රදිත බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
  • මෙම වසරේ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් බටහිර ඉවුරේ පලස්තීනුවන් ඉලක්ක කළ ප්‍රහාර රැසක් වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):


හමුදා භටයා සිය බලය දරුණු ලෙස අවභාවිතා කර ඇතැයි ද, ඔහුගේ ගිනි අවිය අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඊශ්‍රායල හමුදා පැවසූහ. මේ වන විට ඔහු නිවාස අඩස්සියට පත් කර තිබේ.

ප්‍රහාරයට ලක් වූ පලස්තීනුවා  ප්‍රතිකාර පිණිස රෝහල වෙත පිටත්ව ගොස් ඇත. ඔහු නිරුප්‍රදිත බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

මෙම වසරේ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් බටහිර ඉවුරේ පලස්තීනුවන් ඉලක්ක කළ ප්‍රහාර රැසක් වාර්තා විය. ඉන් පුද්ගලයින් 750කට අධික සංඛ්‍යාවක් තුවාළ ලබා ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක දැක්වේ.

2023 ඔක්තෝබර 7 සිට මෙම වසරේ ඔක්තෝබර 17 දක්වා කාලයේ බටහිර ඉවුරේ පලස්තීනුවන් දහසකට අධික සංඛ්‍යාවක් ඝාතනය විය. ඉන් බහුතර පුද්ගල මරණ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් වූ අතර ඉතිරිය, ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් සිදු කළ හිංසනයන් සහ භීෂණකාරී ක්‍රියා හේතුවෙනි.

 


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
12/27/2025

මුලාශ්‍රය :

Israeli reservist rams vehicle into Palestinian man praying in West Bank

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...