BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දරුවන් ඉන්න මාලේ තනි මාපියන්ට රජයෙන් දෙන දීමනාව ඉහළට

T

The Leader Desk

December 28, 2025 • 9:01 AM

දරුවන් ඉන්න මාලේ තනි මාපියන්ට රජයෙන් දෙන දීමනාව ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරිද්‍රතාවෙන් පෙළෙන තනි මව්වරුන් සහ පියවරුන් සඳහා ලබාදෙන රජයේ මාසික දීමනාව මාලදිවයින රුෆියා 12,000 දක්වා වැඩි කිරීමට මාලදිවයිනේ රජය පියවර ගෙන තිබේ.
  • මෙම නව සංශෝධනය මාලදිවයිනේ රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
  • මෙම ඉහළ දැමූ දීමනාව ලබා දීම සඳහා රජය ලබන වසරේ රාජ්‍ය අයවැයෙන් රුෆියා මිලියන 211 ක මුදලක් වෙන් කර ඇත.
  • රජයේ නිල දත්ත වලට අනුව, මේ වන විට පුද්ගලයින් 5,878 දෙනෙකු මෙම මූල්‍ය ආධාරය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව එරට වාර්තාවල දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ එරට ජාතික සමාජ ආරක්ෂණ නියෝජිතායතනයේ රීති සංශෝධනය කිරීමත් සමඟයි. මෙම නව සංශෝධනය මාලදිවයිනේ රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම ඉහළ දැමූ දීමනාව ලබා දීම සඳහා රජය ලබන වසරේ රාජ්‍ය අයවැයෙන් රුෆියා මිලියන 211 ක මුදලක් වෙන් කර ඇත. රජයේ නිල දත්ත වලට අනුව, මේ වන විට පුද්ගලයින් 5,878 දෙනෙකු මෙම මූල්‍ය ආධාරය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව එරට වාර්තාවල දැක්වේ. නව සංශෝධනයට අනුව, එක් දරුවෙකු සඳහා මසකට රුෆියා 3,000 බැගින් උපරිම වශයෙන් දරුවන් සිව්දෙනෙකු (4) දක්වා දීමනා ගෙවනු ලබයි.

male 1

 

සුදුසුකම් ලබන තනි මාපියෙකුට මසකට උපරිම වශයෙන් රුෆියා 12,000 ක් සහ වසරකට උපරිම වශයෙන් රුෆියා 144,000 ක් ලබාගත හැකිය. මීට පෙර එක් දරුවෙකුට ගෙවනු ලැබුවේ රුෆියා 1,000 ක් පමණක් වන අතර මාසික උපරිම සීමාව රුෆියා 10,000 කි.

නව නීතියට අනුව, අයදුම්කරු කැමති නම් තමාගේ ගිණුමට අමතරව වෙනත් බැංකු ගිණුමකට ද මෙම මුදල් බැර කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මෙම දීමනාව ඉහළ නැංවීම ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් සිය මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දුවක් ඉටු කිරීමක් බව සඳහන් වේ.

(hirunews)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...