BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මියන්මාර මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අද අවසන්

T

The Leader Desk

December 28, 2025 • 5:37 PM

මියන්මාර මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අද අවසන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2021 වසරේදී නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය හමුදා කුමන්ත්‍රණයකින්
  • දැඩි මර්දනයක් සහ සීමා මධ්‍යයේ පැවති මෙම මැතිවරණය, අද (28) උදෑසන 6 ට ආරම්භ වුණු අතර සවස 4 ට අවසන් විය.
  • සිවිල් යුද ගැටුම් හේතුවෙන් බොහෝ ප්‍රදේශ හමුදා පාලනයට නතු නොවීම නිසා, නගර 330න් ඡන්දය විමසුම පැවැත්වූයේ තුනෙන් එකක පමණ ප්‍රමාණයක් යැයි පැවැසිණි.
  • ආරක්ෂක හේතූන් මත ප්‍රදේශ 65ක ඡන්ද විමසීම සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම මේවනවිට අවසන් වී තිබේ.

දැඩි මර්දනයක් සහ සීමා මධ්‍යයේ පැවති මෙම මැතිවරණය, අද (28) උදෑසන 6 ට ආරම්භ වුණු අතර සවස 4 ට අවසන් විය.

මියන්මාරයේ සිවිල් යුද ගැටුම් පවතින අතර, එම පළාත්වල මැතිවරණ පැවැත්වීම සිදුවූයේ නැත.

සිවිල් යුද ගැටුම් හේතුවෙන් බොහෝ ප්‍රදේශ හමුදා පාලනයට නතු නොවීම නිසා, නගර 330න් ඡන්දය විමසුම පැවැත්වූයේ තුනෙන් එකක පමණ ප්‍රමාණයක් යැයි පැවැසිණි.

ආරක්ෂක හේතූන් මත ප්‍රදේශ 65ක ඡන්ද විමසීම සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මේ හේතුවෙන් එරට ජනගහනයෙන් අවම වශයෙන් සියයට 20කට පමණ තම තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරීමට අවස්ථාව අහිමි වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අඩු මට්ටමක පැවති බව වාර්තා වේ. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ තුනෙන් එකක පමණ පිරිසක් බව ද මැතිවරණ නිලධාරීන් ඇස්තමේන්තු ගතකර ඇත.

මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වන ලද විපක්ෂ කණ්ඩායම් සහ ජාත්‍යන්තර සංවිධාන පවසා ඇත්තේ මෙම මැතිවරණ‍ය, හමුදා පාලනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා පවත්වන සංදර්ශනයක් පමණක් බවය.

මැතිවරණයේ මීළඟ අදියර ලබන ජනවාරි 11 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතය.

(lankadeepa)


මුලාශ්‍රය :

Polls close on first day of Myanmar's widely criticised 'sham' election

Weak turnout seen in Myanmar's phased election, first since 2021 coup


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...