BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

චීන හමුදා අභ්‍යාසයෙන් තායිවාන කලාපය කැළඹේ

T

The Leader Desk

December 29, 2025 • 7:18 AM

චීන හමුදා අභ්‍යාසයෙන් තායිවාන කලාපය කැළඹේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනය අද (29) තායිවානය අවට නාවුක, ගුවන්, පාබල සහ කාලතුවක්කු හමුදා ස්ථාන ගත කරමින් යුද අභ්‍යාසයක් ආරම්භ කළේය.
  •   ජීව උණ්ඩ යොදා ගැනෙන චීන හමුදා අභ්‍යාස හෙට (30) ආරම්භ වීමට නියමිතය.
  • හෙට පෙ.ව.8.00 සිට පැය 10ක කාලයක්  එම කලාපයන්හි සාගර අභ්‍යන්තරයේ සහ ගුවන් කලාපයේ විශේෂ  සීමා පනවා තිබේ.
  • 2022 වසරේ ඇරඹි ප්‍රධාන චීන යුද අභ්‍යාස මාලාවේ පස්වැන්න මෙය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එය, "යුක්තියේ මෙහෙයුම 2025" ලෙස නම් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනු වස්, චීනයේ  ප්‍රතිරෝධය නොතකා තායිවානය ද හමුදා පෙරහුරු ඇරඹීය.

 

chinat1

ජීව උණ්ඩ යොදා ගැනෙන චීන හමුදා අභ්‍යාස හෙට (30) ආරම්භ වීමට නියමිතය. තායිවානයේ කලාප පහක් ආවරණය වන පරිදි එම අභ්‍යාස  පැවැත්වේ. එරට වේලාවෙන්. හෙට පෙ.ව.8.00 සිට පැය 10ක කාලයක්  එම කලාපයන්හි සාගර අභ්‍යන්තරයේ සහ ගුවන් කලාපයේ විශේෂ  සීමා පනවා තිබේ.

2022 වසරේ ඇරඹි ප්‍රධාන චීන යුද අභ්‍යාස මාලාවේ පස්වැන්න මෙය වේ. තායිවානය ට එරෙහි කිනම් යුදවාදී ක්‍රියාවකදී වුව, ඊට එරෙහි හමුදාමය ප්‍රතිචාර දැක්වීමට ජපානය සූදානම් බව, ජපාන අග්‍රාමාත්‍ය, සනේ තකෙචි පසුගිය ද ප්‍රකාශ කිරීමත් සමග, අර්බුදය වඩාත් උත්සන්න විය.

 

chinat3
කලාපයේ චීන යුද අභ්‍යාස, සීමාව ඉක්මවා ගොස් ඇතැයි විචාරකයෝ පවසති. එය ප්‍රතිවිරෝධී රටවලට එරෙහි යුද පසුබිමක් සකසමින් ඇතැයි ද, ඔවුහු පෙන්වා දෙති.

තායිවානය අවට චීන යුද අභ්‍යාස පිණිස යුද ගුවන්  යානා, බෝම්බ ප්‍රහාරක යානා, නියමුවන් රහිත යානා සහ  දිගු දුර මිසයිල  මුදා හැර ඇතැයි, එම හමුදා පැවසූහ.  එමගින්,  ජංගම සහ භූමියේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ යුද  අභ්‍යාස සිදු කෙරේ.

තායිවාන රජය විසින් චීන යුද අභ්‍යාස හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ. උද්ගත වෙමින් පවතින තත්ත්වය පිලිබඳ වැරදි විනිශ්චයේ පසු නොවන ලෙසත්, කලාපීය සාමයට තර්ජන එල්ල නොකරන ලෙසත් එමගින්, චීනය වෙත වැඩි දුරටත් දන්වා ඇත.

 

chinat2
මෙවර චීන හමුදා අභ්‍යාස පැවැත්වෙන්නේ, එක්සත් ජනපදය විසින් තායිවානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 11.1 ක අවි ගනුදෙනු අනුමත කර දින 11ක අවෑමෙනි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

China launches war games around Taiwan as island vows to defend democracy

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...