BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරීහු ඉස්ලාමීය පක්ෂයකට එක් වෙති

T

The Leader Desk

December 29, 2025 • 8:44 AM

බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරීහු ඉස්ලාමීය පක්ෂයකට එක් වෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලාදේශ අරගලයෙන් උපන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ජාතික පුරවැසි පක්ෂය, එරට ජමාතේ ඉස්ලාමීය පක්ෂය හා මැතිවරණ අරමුණින් සන්ධාන ගත වේ. බංග්ලාදේශ මැතිවරණය එන වසරේ පෙබරවාරි 12 දා පැවැත්වීමට නියමිතය.
  • එහෙත්, මැතිවරණය ලඟා වත්ම එය, වීදියේ බලය, ඡන්ද දායක සහාය බවට පත් කර ගැනීමේ අරගලයට ද යොමු වී සිටී.
  • වඩා එකග්‍රාහී මැතිවරණ ව්‍යාපාරයක් උදෙසා සාර්ථක සන්ධාන ගතවීමකට එළැඹි බව, එම පක්ෂයේ ප්‍රධානී නහිඩ් ඉස්ලාම් පැවසීය.
  • එහි මැතිවරණාපේක්ෂක අවසන් නාම ලේඛනය අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉකුත් වසරේ ජන අරගලයෙන් පසු ජාතික පුරවැසි පක්ෂය, ඥාති සංග්‍රහයට සහ ද්වී-පක්ෂ බලාධිකාරයට විකල්ප වශයෙන් මධ්‍යස්ථ, ප්‍රතිසංස්කරණවාදී පක්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත්, මැතිවරණය ලඟා වත්ම එය, වීදියේ බලය, ඡන්ද දායක සහාය බවට පත් කර ගැනීමේ අරගලයට ද යොමු වී සිටී.

banglaw9834udide

වඩා එකග්‍රාහී මැතිවරණ ව්‍යාපාරයක් උදෙසා සාර්ථක සන්ධාන ගතවීමකට එළැඹි බව, එම පක්ෂයේ ප්‍රධානී නහිඩ් ඉස්ලාම් පැවසීය. එහි මැතිවරණාපේක්ෂක අවසන් නාම ලේඛනය අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශිෂ්‍ය ක්‍රියාකාරී පක්ෂයේ නව සන්ධාන ගතවීම හේතුවෙන් අභ්‍යන්තර අර්බුදයක් ද හට ගෙන තිබේ.

c34t3435tyhfgh
බ්‍රිතාන්‍යයේ වෛද්‍ය වෘත්තීය අතහැර, බංග්ලාදේශ අරගලයට එක්ව, පක්ෂ නායිකාවක ලෙස එහි සාමාජිකත්වයට ඇතුළු වූ, තස්නීම් ජාරා, සෙනසුරාදා (27) එම සාමාජිකත්වයෙන් ඉවත් වූවාය. ස්වාධීන අපේක්ෂිකාවක ලෙස මැතිවරණයට ඉදිරිපත් වන බව, ඇය කියා සිටී.

ජමාතේ ඉස්ලාමීය පක්ෂය එදා සිට බංග්ලාදේශය, පාකිස්ථානයෙන් වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් සේ පිළිගැනීමට පටහැණිව ක්‍රියාත්මකය. ඒ හේතුවෙන් ද, නව සන්ධානය ගැටළු ගතව පවතී. 1971 සිදු කෙරුණු යුද අපරාධ සම්බන්ධයෙන් ද පක්ෂය චෝදනාවට ලක්විය. ඒ පිලිබඳ  වසර ගණනක අධිකරණ නඩු විභාග පැවැත්විණි. පක්ෂ නායකත්වය ද දිගු කාලීන තහනමට ලක් විය. ඒ හේතුවෙන් එය, ආන්තීය භාවයට පත් විය. එබැවින්ම, එය ලද ජනතා සහාය ද සීමා සහිත විය.

ජාතික පුරවැසි පක්ෂයේ නව සන්ධානගත වීම එහි සංස්ථාපිත මූලධර්ම උල්ලංඝනය කරන්නකැයි දේශපාලන විචාරක මතයයි. මතවාදී ඝට්ටන හේතුවෙන් එම පක්ෂය පිලිබඳ පැවති ජනතා විශ්වාසය බිඳී ඇති බව, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දැන් පවසති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Bangladesh's student-led party allies with Islamists ahead of election

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරීහු ඉස්ලාමීය පක්ෂයකට එක් වෙති | The Leader