BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'න්‍යෂ්ටික වැඩසටහන අත්නොහළොත් ඉරානයට යළි ගහනවා' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

December 30, 2025 • 7:57 AM

'න්‍යෂ්ටික වැඩසටහන අත්නොහළොත් ඉරානයට යළි ගහනවා' - ජනපති ට්‍රම්ප්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමේ ඕනෑම හමුදා මෙහෙයුමකට එක්සත් ජනපදය සහාය ලබා දෙන බව ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (29) පැවසීය.
  • පසුගිය ජුනි මස එල්ල කළ එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රහාර නොතකා, ඉරානය සිය අවි වැඩසටහන යළි සක්‍රීය කර ඇති බවට ජනපතිවරයා චෝදනා කළේය.
  • අනවරතයේ, B-2 යානා වලට ඉන්ධන නාස්ති කරගන්න අපට අවශ්‍ය නෑ.
  • එහෙ ගිහින් එන්නම පැය 37ක් යනවා....
අකුරු ප්‍රමාණය (Font Size):

ඉරානයේ බැලස්ටික් මිසයිල හෝ න්‍යෂ්ටික අවි වැඩසටහන නැවත පණ ගන්වන්නේ නම්, සහ හමාස් සංවිධානය අවි බිම නොතබන්නේ නම්, ඊට එරෙහිව දැඩි පියවර ගැනීමට නොපැකිලෙන  බව, ඔහු එහිදී අවධාරණය කළේය.

එක්සත් ජනපද ජනපතිවරයා මේ අදහස් පළ කළේ ෆ්ලොරීඩා හිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු හමුවීමෙන් අනතුරුවය. පසුගිය ජුනි මස එල්ල කළ එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රහාර නොතකා, ඉරානය සිය අවි වැඩසටහන යළි සක්‍රීය කර ඇති බවට ජනපතිවරයා චෝදනා කළේය.

 

" කට්ටිය අවි සහ තවත් දේ නිෂ්පාදනය ආයේ පටන් අරන් කියල මට ආරංචියි. එහෙම නම්, ඒ අපි ගහපු තැන්වල වෙන්න බැහැ, හැබැයි, වෙනත් වැඩ බිමක වෙන්න පුළුවන්. අපි ටක්කෙටම දන්නවා, ඔවුන් කොහෙද යන්නෙ, මොනවද කරන්නෙ කියලා. සමහරවිට, ඔවුන් වරදක් නොකරාවි. අනවරතයේ, B-2 යානා වලට ඉන්ධන නාස්ති කරගන්න අපට අවශ්‍ය නෑ. එහෙ ගිහින් එන්නම පැය 37ක් යනවා.... එච්චර ඉන්ධන නාස්ති කරගන්නෙ මොකට ද?" මාධ්‍යවේදීන් ඇමතූ ජනපති, ට්‍රම්ප් කියා සිටියේය.

iran nucපසුගිය ජුනි මස ඉරානයේ සිදු කළ එක්සත් ජනපද ගුවන් ප්‍රහාර

 

පසුගිය ජුනි මස ඉරානයේ සිදු කළ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයන්ට යොදා ගැනුණේ, අති ප්‍රබල B-2 බෝම්බ ප්‍රහාරක ජෙට් යානා ය.  

අග්‍රාමාත්‍ය නෙතන්යාහු සමග සිදු කළ සාකච්ඡා පූර්ණ ලෙස, ඉදිරි ගාසා සාම සැලැස්ම සහ ඉරානය හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පිලිබඳ ඊශ්‍රායල වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බව ද හෙතෙම  පැවසීය.

ජුනි මස ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක යුද ගැටුම් පැවතියේය. මෙම මස තුළ දෙවන වරටත් මිසයිල අත්හදා බැලීම් සිදු කළ බව, ඉරානය ඉකුත් සතියේ කියා සිටියේය.

ඉරානය හා යළි ගැටුමකට යාමේ අදහසක් නැතත්, ටෙහෙරානයේ එම ක්‍රියා පිලිබඳ ඊශ්‍රායලය විමසිල්ලෙන් පසු වන බව, අග්‍රාමාත්‍ය, නෙතන්යාහු පැවසීය.

 

trw434sf
ගාසා සටන් විරාමයේ දෙවන අදියර කඩිනම් කළ යුතු බව, ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය. එහි අවසන, ඊශ්‍රායලය මුළුමනින්ම පලස්තීන භූමියෙන් ඉවත් විය යුතු බව සහ හමාස් සංවිධානය පූර්ණ වශයෙන් අවි බිම තබා ගාසා පාලනය අත් හළ යුතු බව, ට්‍රම්ප් ගේ මතයයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...