ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම මස මුල එම රටවල පුරවැසියන් හට එක්සත් ජනපද සංචාරක තහනමක් පැනවීමට පිළිතුරු ලෙස එම පියවර ගෙන තිබේ.
මේ පිලිබඳ මාලි සහ බුර්කිනෝ ෆාසෝ යන බටහිර අප්‍රිකානු රටවල විදේශ අමාත්‍යංශ ඊයේ (30) වෙන් වශයෙන් නිවේදන නිකුත් කළහ.
මෙම මස 16 දින ජනපති ඩොනල්ඩ් ට්‍ර්රම්ප් නිකුත් කළ නිවේදනයක් මගින්, එම දෙරට ඇතුළු තවත් රටවල් පහකට එක්සත් ජනපදයට ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කිරීම අවධාරණය කොට, "අන්‍යොන්‍ය" වශයෙන් එම තීරණයට එළැඹි බව එහි සඳහන්ය.
එම රටවලට එරෙහි එක්සත් ජනපද තහනම, හෙට (01) සිට ක්‍රියාත්මක ය. එරට ජාතික ආරක්ෂාව සහ ජන ආරක්ෂාව පිලිබඳ තර්ජන සැලකිල්ලට ගනිමින්, මූලික පරීක්ෂණ වලදී අසමත් රටවලට පූර්ණ සංචාරක තහමක් පැනවීමට පියවර ගත් බව ට්‍රම්ප් පරිපාලනය පවසයි.
එහෙත්, එම තීරණයට පෙර එක්සත් ජනපද රජය විසින් සිය උපදේශන නොපැතූ බවත්, භූමියේ තත්ත්වය පිලිබඳ නිසි අධ්‍යයනයකින් තොරව ක්‍රියාකර ඇති බවත්, මාලි සහ බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.
එක්සත් ජනපද පුරවැසියන්ට වීසා නිකුත් කිරීම අත්හිටුවන බව මෙම මස 25 දා නයිජර් රාජ්‍යය ද කියා සිටියේය. ජුනි මස චැඩ් රාජ්‍යය ද එම තීරණයට එළැඹියේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය




