සහ අන්තර්ජාලය ඔස්සේ ලෝකවාසී ජනතාව වෙත සිය සුබ පැතුම් එක්කර තිබේ.
ගෙවී යන 2025 වසර, චීනයේ “14 වන පස් අවුරුදු” සමයේ අවසාන වසර බව ඔහු එහිදී සඳහන් කරයි.
චීන ආර්ථිකයේ සමස්ත ප්‍රමාණය නොකඩවාම නව ඉහළ මට්ටමකට පිවිස ඇති අතර, 2025 වසරේ එම අගය චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චීනය ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැළඳ ගැනීමට සූදානම් බවත්, ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරමින් විවිධ රටවල් සමග එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමට සූදානම් බවත් චීන ජනාධිපතිවරයා සඳහන් කරයි.
'' 2026 වසර චීනයේ ’15 වන පස්අවුරුදු’ සැලැස්මේ ආරම්භක වසරයි. එහි ඉලක්ක හා අරමුණු තහවුරු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට චීනය අපේක්ෂා කරනවා. එමෙන්ම පූර්ණ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්ත ජනතාවට පොදු සෞභාග්‍යය උදා කර දෙමින්, චීන විශ්මය සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා'' යයි ඔහු වැඩිදුරටත් කියාසිටියි.
Full text: Chinese President Xi Jinping's 2026 New Year message




