BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ විදුලිය සහ ජලය කැපේ

T

The Leader Desk

January 1, 2026 • 6:14 AM

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ විදුලිය සහ ජලය කැපේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පලස්තීන සරණාගත ඒජන්සියේ (UNRWA) සියලු යටිතල පහසුකම් වෙත ඊශ්‍රායලය විසින් විදුලිය සහ ජල සැපයුම වහා විසන්ධි කිරීමට පියවර ගෙන තිබේ.
  • ඊට අයත් සියලු දේපළ හෝ කාර්ය මණ්ඩල කිසිදු බාහිර  පාර්ශ්වයක බාධා කිරීමට නතු නොවිය යුතු යැයි එම ප්‍රඥප්තියේ ම සඳහන් බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශක, ස්ටෙෆාන් ඩුෂාරික් පවසයි.
  • එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ මහ කොමසාරිස්, ෆිලිප් ලසාරිනී විසින් ද ඊශ්‍රායලයේ ක්‍රියාව හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
  • ඊශ්‍රායලය පසු ගිය වසරේ, පාර්ලිමේන්තු පනතක් මගින් එරට තුළ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ සියලු මෙහෙයුම් තහනම් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් එය හෙළා දකිමින් ඊයේ (31) විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

 

guterres

ඊශ්‍රායලයේ එම ක්‍රියාවත් සමග එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ සියලු මෙහෙයුම් අඩපණව තිබේ. ඊට අයත් සියලු දේපළ හෝ කාර්ය මණ්ඩල කිසිදු බාහිර  පාර්ශ්වයක බාධා කිරීමට නතු නොවිය යුතු යැයි එම ප්‍රඥප්තියේ ම සඳහන් බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශක, ස්ටෙෆාන් ඩුෂාරික් පවසයි. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ මහ කොමසාරිස්, ෆිලිප් ලසාරිනී විසින් ද ඊශ්‍රායලයේ ක්‍රියාව හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඊශ්‍රායලය පසු ගිය වසරේ, පාර්ලිමේන්තු පනතක් මගින් එරට තුළ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ සියලු මෙහෙයුම් තහනම් කළේය. එරට කිසිදු නිලධාරියකුට එම ඒජන්සිය හා ගනුදෙනු  කිරීමද එමගින් තහනම් කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම ඒජන්සිය ජෙරුසෙලමේ සිට ක්‍රියාත්මකය. ජෙරුසෙලම, ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතය  වේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

UN chief condemns Israeli law blocking electricity, water for UNRWA facilities

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...