BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉන්දීය දුම්වැටි මත නව බද්දක්

T

The Leader Desk

January 1, 2026 • 8:13 AM

ඉන්දීය දුම්වැටි මත නව බද්දක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය රජය දුම් වැටි මත නව බද්දක් පැනවීමත් සමග එරට දුම්කොළ සමාගම් හි කොටස් මිල ඊයේ (31) පහත වැටිණි.
  • ගෝල්ඩ් ෆ්ලේක් (Gold Flake) දුම්වැටි නිෂ්පාදනය කරන, එරට දුම්වැටි වෙළඳපොල ඉදිරියෙන්ම සිටින ඉන්දියානු දුම්කොළ සමාගමේ  කොටස් මිල 4.4%කින් පහත වැටිණි.
  • එරට, මාර්ල්බොරෝ (Marlboro) දුම්වැටි බෙදා හරින ගොඩ්ෆ්‍රි ෆිලිප්ස් ඉන්ඩියා කොටස් මිල ද 7.75කින් පහත වැටී තිබේ.
  •   ඒ අනුව, ඉන්දියානු දුම්කොළ සමාගමේ කොටස් විකුණුම් මිල ඉන්දියානු රුපියල් 385.25 ක් ලෙස සටහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලොව වැඩිම ජනගහනයක් සහිත රට වන ඉන්දියාවේ දුම්වැටි භාවිතා කරන්නන් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවයි.

ගෝල්ඩ් ෆ්ලේක් (Gold Flake) දුම්වැටි නිෂ්පාදනය කරන, එරට දුම්වැටි වෙළඳපොල ඉදිරියෙන්ම සිටින ඉන්දියානු දුම්කොළ සමාගමේ  කොටස් මිල 4.4%කින් පහත වැටිණි. එරට, මාර්ල්බොරෝ (Marlboro) දුම්වැටි බෙදා හරින ගොඩ්ෆ්‍රි ෆිලිප්ස් ඉන්ඩියා කොටස් මිල ද 7.75කින් පහත වැටී තිබේ.

cig tax

 

ඒ අනුව, ඉන්දියානු දුම්කොළ සමාගමේ කොටස් විකුණුම් මිල ඉන්දියානු රුපියල් 385.25 ක් ලෙස සටහන් විය. එය ඉකුත් වසරේ ජුනි මස සිට වාර්තා ගත අඩුම මිල වේ. නිෆ්ටි 50 (Nifty 50) දර්ශකයේ විශාලතම කඩාවැටීම එම සමාගමෙන් වාර්තා  වේ.

පෙබරවාරි 1 දා සිට, දුම් වැටියක දිග ප්‍රමාණය අනුව, දුම්වැටි 1000කට ඉන්දියානු රුපියල් 2,050–8,500 අතර නිෂ්පාදන බද්දක් අය කෙරේ. දුම්වැටි භාවිතා කිරීමෙන් සීග්‍රයෙන් උද්ගතවන සෞඛ්‍ය ගැටළු හේතුවෙන්, කලින් කල ඒ මත පනවන බදු වැඩි කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ. දුම්වැටි පැකට්ටු මත සඳහන් එහි  අන්තරායකර බව දැක්වෙන දැන්වීම්, ප්‍රමාණයෙන් විශාල කර ප්‍රදර්ශනය කිරීමට ද නියම කර ඇත. පරිභෝජනය විශාල ලෙස අඩු කිරීම එහි අරමුණයි.

එරට දුම්වැටි සඳහා නව බදු පනවා ඇත්තේ, දැනටමත් ක්‍රියාත්මක 40% ක භාණ්ඩ හා සේවා බද්දට අමතරව වේ.  

ඒ අනුව ඉදිරියේ, සිල්ලර වෙළඳපොළ ඉන්දීය දුම්වැටි මිල ඉහළ යෑමක් අපේක්ෂා කෙරේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Indian tobacco stocks tank as government levies new tax on cigarettes

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...