BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ස්විස් අනතුරින් ගුවන් කලාපයකුත් වැසේ

T

The Leader Desk

January 1, 2026 • 11:00 AM

ස්විස් අනතුරින් ගුවන් කලාපයකුත් වැසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (යාවත්කාලීනවී ඇත - 4.30 pm)
  •   එරට  ක්‍රාන්ස් - මොන්ටානා  (Crans-Montana ) නගරයේ ඇල්පයින් (Alpine ) සංචාරක නිකේතනයේ ආපාන ශාලාවක හටගත් පිපිරීමකින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාළ ලබා ඇතැයි, බී.බී.සී.
  • එරට වේලාවෙන් අද අළුයම 1.30ට පමණ අනතුර සිදු විය.
  •   එය සිදුවන අවස්ථාවේ ආපාන ශාලාවේ විශාල පිරිසක් නව වසර උදාව සමරමින් ජය පැන් පානය කරමින් සිටි බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ස්විස් අනතුර මෙතෙක් කරුණු නොදත් ගින්නක් හේතුවෙන් හටගෙන ඇතැයි,  එරට පොලිසිය නවතම අනාවරණයකින් කියා සිටී.  

එරට  ක්‍රාන්ස් - මොන්ටානා  (Crans-Montana ) නගරයේ ඇල්පයින් (Alpine ) සංචාරක නිකේතනයේ ආපාන ශාලාවක හටගත් පිපිරීමකින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාළ ලබා ඇතැයි, බී.බී.සී. පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් මීට පෙර වාර්තා කළේය.

එරට වේලාවෙන් අද අළුයම 1.30ට පමණ අනතුර සිදු විය.  

එය සිදුවන අවස්ථාවේ ආපාන ශාලාවේ විශාල පිරිසක් නව වසර උදාව සමරමින් ජය පැන් පානය කරමින් සිටි බව වාර්තා වේ.

අනතුර හේතුවෙන් සමස්ත ප්‍රදේශය මුළුමනින් වසා දැමීමට පියවර ගෙන තිබේ. ක්‍රාන්ස් - මොන්ටානා නාගරික කලාපයට ඉහළ ගුවන් කලාපය ද වසා දමා ඇතැයි බලධාරීහු  පැවසූහ.

 

Dozens feared dead after explosion in Swiss ski resort bar, police say

 

ස්විට්සර්ලන්තයේ පිපිරීමක්; පුද්ගලයන් කිහිප දෙනෙක් මරුට

 

Update : 14:50 pm

 

ස්විට්සර්ලන්ත සංචාරක නිකේතනයක ආපාන ශාලාවක අද (1) සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව තවත්  පිරිසක් තුවාළ ලබති. එරට ක්‍රාන්ස් - මොන්ටානා  (Crans-Montana ) නගරයේ (Alpine ) සංචාරක නිකේතනයේ ආපාන ශාලාවක් තුළ එම පිපිරීම සිදුව ඇත.  


පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණයව නැත.

එරට වේලාවෙන් අද අළුයම 1.30ට පමණ එම පිපිරීම සිදුව තිබේ. එය සිදුවන අවස්ථාවේ ආපාන ශාලාවේ විශාල පිරිසක් නව වසර උදාව සමරමින් ජය පැන් පානය කරමින් සිටි බව වාර්තා වේ.

ගිනිගන්නා ගොඩනැගිල්ලක සහ ඒ වෙත සහන සේවා ලඟා ව ඇති අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් ස්විට්සර්ලන්ත මාධ්‍ය විසින් නිකුත් කර තිබේ.

පිපිරීමට හේතු සොයා වහා විමර්ශන ආරම්භ කර ඇත.

(සටහන |Reuters සහ The Guardian ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Several killed after explosion in Swiss ski resort bar, BBC reports

Several dead and injured in explosion at Swiss ski resort town Crans-Montana, police say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...