BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බටහිර ඉවුරේ ගල් ගැසූවන්ට ඊශ්‍රායලයෙන් වෙඩි; අයෙක් මරුට

T

The Leader Desk

January 2, 2026 • 5:01 AM

බටහිර ඉවුරේ ගල් ගැසූවන්ට ඊශ්‍රායලයෙන් වෙඩි; අයෙක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉවුරේ ගල් ගැසූවන් වෙත ඊශ්‍රායල හමුදා එල්ල කළ වෙඩි පහරින් පල්ස්තීනුවකු ජීවිතක්ෂයට පත්වේ. ඊයේ (1) එහි රාජකාරියේ නිරත ඊශ්‍රායල හමුදා වෙත ගල් ගසමින් සිටි පලස්තීනුවන් පිරිසක් වෙත එම හමුදා වෙඩි තැබූහ. සිය හමුදා වෙත ගල් ගැසීම ගරිල්ලා ප්‍රහාරයක් බව එම හමුදා පැවසූහ.
  • බටහිර ඉවුරේ නැබ්ලස් හි පිහිටි ලුබාන් අල්-ශර්ඛියා (Luban al-Sharqiya) ගම්මානයේ පිවිසුම් මාර්ග සියල්ල බදාදා (31) සිට ඊශ්‍රායල හමුදා විසින් වසා දමා තිබේ.
  • 2023 ඔක්තෝබරයේ සිට 2025 එම මස දක්වා, බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා වෙඩි තැබීම් සහ ඊශ්‍රායල පදිංචිකරුවන් සමග හටගත් ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි, එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා  දෙයි.
  • එම කාල සීමාව  තුළ, පලස්තීනුවන් සිදු කළ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් 57 දෙනකු ද ජීවිතක්ෂයට පත් ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් 26 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව, තවත් අයකු තුවාළ ලබා ඇතැයි, පලස්තීන බලධාරීහු කියා සිටියහ.

බටහිර ඉවුරේ නැබ්ලස් හි පිහිටි ලුබාන් අල්-ශර්ඛියා (Luban al-Sharqiya) ගම්මානයේ පිවිසුම් මාර්ග සියල්ල බදාදා (31) සිට ඊශ්‍රායල හමුදා විසින් වසා දමා තිබේ.

2023 ඔක්තෝබරයේ සිට 2025 එම මස දක්වා, බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා වෙඩි තැබීම් සහ ඊශ්‍රායල පදිංචිකරුවන් සමග හටගත් ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි, එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා  දෙයි.

එම කාල සීමාව  තුළ, පලස්තීනුවන් සිදු කළ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් 57 දෙනකු ද ජීවිතක්ෂයට පත් ව තිබේ.

 




(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israel says forces open fire on West Bank stone-throwers, one dead

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...