BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ස්විට්සර්ලන්ත ගින්නෙන් දැවුණු මළ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වේ

T

The Leader Desk

January 2, 2026 • 9:38 AM

ස්විට්සර්ලන්ත ගින්නෙන් දැවුණු මළ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්විට්සර්ලන්තයේ ආපාන ශාලාවක ඊයේ (1) හටගත් ගින්නෙන් පිලිස්සී මිය ගිය පිරිස් හඳුනාගැනීමේ විමර්ශන ආරම්භ කර තිබේ.
  • දැඩි ලෙස ගින්නට හසු වීමෙන්, මළ  සිරුරු හඳුනා ගැනීම දුෂ්කර ව ඇතැයි ද, ඊට දින කිහිපයක් ගතවනු ඇතැයි ද, බලධාරීහු පවසති.
  • පිළිස්සුම් තුවාළ ලත් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.
  •   නව වසර උඋදාව සැමරීමට විදේශිකයින් ඇතුළු තරුණ පිරිස් රැසක් එහි රැස්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රාන්ස් - මොන්ටානා (Crans-Montana) නගරයේ ඇල්පයින් (Alpine ) සංචාරක නිකේතනයේ, ලෙ කොන්ස්ටෙලේශන් (Le Constellation) ආපන ශාලාවේ හටගත් එම ගින්නෙන් පුද්ගලයින් 40 දෙනකු ජීවිතක්ෂයට පත්ව 115ක් තුවාළ ලැබූහ.

දැඩි ලෙස ගින්නට හසු වීමෙන්, මළ  සිරුරු හඳුනා ගැනීම දුෂ්කර ව ඇතැයි ද, ඊට දින කිහිපයක් ගතවනු ඇතැයි ද, බලධාරීහු පවසති. පිළිස්සුම් තුවාළ ලත් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.

 

නව වසර උඋදාව සැමරීමට විදේශිකයින් ඇතුළු තරුණ පිරිස් රැසක් එහි රැස්ව සිටියහ. ගින්නට හසු ව මිය ගිය සිය තරුණ දරුවන් පිලිබඳ තොරතුරක් ලබා දෙන ලෙස, ඔවුන්ගේ දෙමාපියන් විසින් ඉල්ලා සිටීමත් සමග, එරට විදෙස් තානාපති කාර්යාල, එම අවස්ථාවේ එහි සිටි, එම රටවලට අයත් පුද්ගලයින් සොයා විශේෂ සෝදිසි ආරම්භ කර ඇත.    

පවතින ප්‍රධාන සහ ප්‍රමුඛතම කාර්යය වන්නේ මිය ගිය පුද්ගලයින් හඳුනාගැනීම බව, ක්‍රාන්ස් - මොන්ටානා නගරාධිපති, නිකොලස් ෆෙරෝඩ් පැවසීය. ඒ සඳහා දන්ත සහ DNA පරික්ෂා සිදු කෙරේ. මියගිය අයවලුන් පිලිබඳ තහවුරු තොරතුරු ලබා දිය හැක්කේ, එම පරික්ෂා කිරීම් වලින් අනතුරුව පමණක් බව, ස්විට්සර්ලන්ත බලධාරීහු පවසති.

 


ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත. සිද්ධිය වූ අවස්ථාවේ, එහි පිපිරීමක් සිදු වූ බවට මුල් වාර්තා පල විය. එය ත්‍රස්ත ප්‍රහාරයක් නොව අනතුරක් යැයි, අනුමාන කරන බව, බලධාරීහු කියා සිටිති.

නව වසර උදාවේ දල්වන ලද ඉටි පන්දම්, ආපාන ශාලා බිම් මහලේ සිවිලිමට ඉතා ආසන්නව එසවීම ගින්නට හේතුව විය හැකි බවට සමාජ මාධ්‍යයේ පලවී තිබේ.

ක්‍රාන්ස් මොන්ටානා නගරය අයිස් මත ලිස්සා යාමේ සහ ගොල්ෆ් ක්‍රීඩා සඳහා අතිශය ජනප්‍රිය නගරයකි. ඊයේ රාත්‍රී, සිද්ධිය වූ ස්ථානය වෙත රැස්වූ නගර වාසීහු, අනතුරින් මිය ගිය පිරිස් සිහි කර මල් කළඹ තබා, ඉටි පහන් දල්වා ශෝකය පල කළහ.

 

swiss fire 1
ඊයේ රාත්‍රිය  වන විටත් සිද්ධිය වූ ස්ථානයේ ඇතැම් තැනෙක මළ සිරුරු දක්නට ලැබිණි. එම සිරුරු හඳුනා ගැනීමට බලධාරීහු දිවා රාත්‍රී නොතකා කටයුතු කරමින් සිටිති.

ගින්න සැණින් පැතිරී ගිය බව, අනතුරින් දිවි බේරා ගත්  අය කියා සිටියහ. නව වසර උදාවේ සිය මව, තමාට එහි යාමට කිසි සේත් ඉඩ නොදෙන බව පැවසීමෙන්, සැමරුමට සහභාගී වීමට නොහැකි වූ බවත්, එහෙයින්ම දිවි බේරා ගැනීමට හැකි වූ බවත්, 17 හැවිරිදි එලිසා සූසා කියා සිටියාය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

සබැඳි පුවත් :

ස්විට්සර්ලන්ත ගින්නෙන් 40ක් මරුට: 100කට වැඩි පිරිසකට බරපතලයි

ස්විස් අනතුරින් ගුවන් කලාපයකුත් වැසේ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...