BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

January 2, 2026 • 3:49 PM

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානයට යොමුව තිබේ.
  • ඉරානය විරෝධතාකරුවන්ව ඝාතනය කිරීම සිරිත වූ නමුත් අමෙරිකා එක්සත් ජනපදය ඔවුන් බේරා ගැනීම සඳහා පැමිණෙනු ඇති බවත් ට්‍රම්ප්ගේ සටහනේ සඳහන් කර ඇත.
  • ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වන විට අයහපත් මට්ටමකට පත්ව ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා වන විට විරෝධතාවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබුණි.
  • එමෙන්ම පවතින විරෝධතා මැද විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතරද ගැටුම් ඇතිව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තහී සඳහන්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය Truth Social ගිණුමේ අමෙරිකානු ජනාධිපතිවරයා සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඉරානය සාමකාමී විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කළ හොත් ඊට එරෙහිව අමෙරිකාව මැදිහත් වීමට සූදානම් බවය.

ඉරානය විරෝධතාකරුවන්ව ඝාතනය කිරීම සිරිත වූ නමුත් අමෙරිකා එක්සත් ජනපදය ඔවුන් බේරා ගැනීම සඳහා පැමිණෙනු ඇති බවත් ට්‍රම්ප්ගේ සටහනේ සඳහන් කර ඇත.

කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග මීට පිළිතුරු ලබා දෙමින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන අලි ලරිජානි අදහස් දක්වමින් අනතුරු අඟවා ඇත්තේ, ඉරානයේ පවතින මෙම තත්ත්වයන් සඳහා එක්සත් ජනපදය මැදිහත් වන්නේ නම් එය මුළු කළාපයම අස්ථාවර වන බවත් අමෙරිකානු අවශ්‍යතා විනාශ වන බවත්ය.

ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වන විට අයහපත් මට්ටමකට පත්ව ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා වන විට විරෝධතාවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබුණි.

එමෙන්ම පවතින විරෝධතා මැද විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතරද ගැටුම් ඇතිව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තහී සඳහන්ව ඇත.

විවෘත වෙළෙඳපොළ තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉරාන මුදල් ඒකකය වන රියාල් හී අගය තවත් තියුණු ලෙස පහත වැටීමත් සමග ඉරානයේ විරෝධතා ආරම්භ විය.

පසුව මෙම විරෝධතා සඳහා ඉරාන විශ්වවිද්‍යාල සිසුන් ඊට සම්බන්ධ වූ අතර පසුව බොහෝ ජනතාවක් මේ සඳහා එක්ව කමේනිගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඇතැමුන් ඉල්ලා ඇත්තේ ඉරානය තුළ රාජාණ්ඩුව නැවත ලබා ගැනීමට අවශ්‍ය වී ඇති බවත්ය.

(adaderana)


මුලාශ්‍රය :

Trump threatens Iran over protest crackdown as deadly unrest flares

Trump threatens Iran over protest deaths as unrest flares

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...