BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට

T

The Leader Desk

January 3, 2026 • 10:11 AM

වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව වන සිලියා ෆ්ලෝරිස් අල්ලාගත් බවත් ඔවුන් දෙදෙනා රටින් පිටට ගෙනා බවත් ඇමෙරිකා එක්සත් ජනපදය මීට පැය කිහිපයකට පෙර නිවේදනය කළේ ය.
  • මාස ගණනක සිට ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර මත ගැටුම් තිබූ අතර නිකොලස් මදුරෝ ප්‍රමුඛ ආණ්ඩුව මත්ද්‍රව්‍ය කාටලයක් බවක් මත්ද්‍රව්‍ය ජාවාරමට අනුග්‍රහය දක්වන බවටත් චෝදනා කළේ ය.
  • වෙනිසියුලාවේ අගනුවර වන කැරැකස් වෙතින් පිපිරුම් හඬ කිහිපයක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ඇමෙරිකා එක්සත් ජනපදය සිවිල් වැසියන්ට සහ හමුදා ස්ථානවල ප්‍රහාර එල්ල කළේ යැයි මදුරෝ පරිපාලනය ඇමෙරිකාවට චෝදනා කළේ ය.
  • මෙම ප්‍රහාරය “අධිරාජ්‍යවාදී ප්‍රහාරයක්” බවත් විදීවලට බැස ඊට විරෝධය දක්වන ලෙසත් වෙනිසියුලානු ආණ්ඩුව එරට වැසියන්ට අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කළ බවත්, වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ රටින් පිටට ගෙනා බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලයේ පණිවුඩයක් තබමින් ඒ බව තහවුරු කළේ ය.

මාස ගණනක සිට ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර මත ගැටුම් තිබූ අතර නිකොලස් මදුරෝ ප්‍රමුඛ ආණ්ඩුව මත්ද්‍රව්‍ය කාටලයක් බවක් මත්ද්‍රව්‍ය ජාවාරමට අනුග්‍රහය දක්වන බවටත් චෝදනා කළේ ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා එල්ල කරන ලද එම චෝදනා වෙනිසියුලාව ප්‍රතික්ෂේප කළේ ය.

වෙනිසියුලාවේ අගනුවර වන කැරැකස් වෙතින් පිපිරුම් හඬ කිහිපයක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ඇමෙරිකා එක්සත් ජනපදය සිවිල් වැසියන්ට සහ හමුදා ස්ථානවල ප්‍රහාර එල්ල කළේ යැයි මදුරෝ පරිපාලනය ඇමෙරිකාවට චෝදනා කළේ ය.

මෙම ප්‍රහාරය “අධිරාජ්‍යවාදී ප්‍රහාරයක්” බවත් විදීවලට බැස ඊට විරෝධය දක්වන ලෙසත් වෙනිසියුලානු ආණ්ඩුව එරට වැසියන්ට අවධාරණය කළේ ය.

මේ වනවිට වෙනිසියුලාව පාලනය කරන්නේ කවුද යන්න සහ මදුරෝ සිටින්නේ කොහේද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු වාර්තා වී නැතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කැරැකස් අගනුවරින් පිපිරුම් හඬ හතක් ඇසුණු බවත් ජනතාවට වීදිවලට දිව ගිය බවත් වාර්තා වූ අතර ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. ඇතැම් පිරිස් ඡායාරූප සහ විඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි. කෙසේ නමුත් මෙම ප්‍රහාරවලින් කවුරුන් හෝ මියගොස් ඇති ද කිසිවකු තුවාල ලබා ඇතිද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.

ඇමෙරිකානු හමුදා ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට කැරිබියානු මුහුදේ සහ නැගෙනහිර ශාන්තිකර මුහුදේ බෝට්ටුවලට ප්‍රහාර එල්ල කළේ ය. ට්‍රම්ප් පරිපාලනය නිකුත් කළ දත්ත හා තොරතුරුවලට අනුව ප්‍රහාර 35කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් පුද්ගලයන් 115 දෙනකු මරණයට පත්ව ඇත.

මෙම ප්‍රහාරයන් සිදුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර ආතතිය උත්සන්න වෙමින් පවතින මොහොතක ය.

ඇමෙරිකාව මීට පෙර මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැක කරන කැරිබියන් දූපත් වල බෝට්ටුවලට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි.

පසුගිය සඳුදා ට්‍රම්ප් පැවසුවේ වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ප්‍රවාහන බෝට්ටුවලට සම්බන්ධ ප්‍රදේශයකට එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල කළ බවත්, එමගින් "දැවැන්ත පිපිරීමක්" ඇති වූ බවත් ය.

වෙනිසියුලාවේ වාමාංශික ජනාධිපති නිකොලස් මදුරෝ තම රටේ පාලන තන්ත්‍ර වෙනසක් ඇති කිරීමට එක්සත් ජනපදය බලපෑම් කරන බවට චෝදනා කර තිබේ.

( ඒ.පී. ඇසුරිනි - AP)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...