BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'වෙනිසියුලාව ළඟටවත් යන්න එපා' - ඇමරිකාව කියයි : විපක්ෂය නිහඬයි !

T

The Leader Desk

January 3, 2026 • 2:18 PM

'වෙනිසියුලාව ළඟටවත් යන්න එපා' - ඇමරිකාව කියයි : විපක්ෂය නිහඬයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනිසියුලාවට හෝ වෙනිසියුලාවට යාබද කිසිදු ලතින් ඇමෙරිකානු රටකට හෝ යෑමෙන් වැළකී සිටින්නැයි
  • මේ වනවිට වෙනිසියුලාවේ රැඳී සිටින ඇමෙරිකානුවන් සිටින්නේ නම් ඔවුන් හැකි ඉක්මනින් එරටින් පිටව යන ලෙස ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
  • 2019 වසරේ සිට ඇමෙරිකාව, වෙනිසියුලාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සියලු නිලධාරීන් එම කාර්යාලයෙන් ඉවත් කරගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.
  • වෙනිසියුලා විපක්ෂය නිහඩයි ඇමෙරිකන් ට්‍රම්ප්ගේ අණින්, අද උදැසන වෙනිසියුලාවට එල්ල වුණු හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන්, වෙනිසියුලා විපක්ෂය මෙතෙක් කිසිවක් පවසා නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව, එරට වැසියන්ට දන්වා ඇත.

මේ වනවිට වෙනිසියුලාවේ රැඳී සිටින ඇමෙරිකානුවන් සිටින්නේ නම් ඔවුන් හැකි ඉක්මනින් එරටින් පිටව යන ලෙස ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

2019 වසරේ සිට ඇමෙරිකාව, වෙනිසියුලාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සියලු නිලධාරීන් එම කාර්යාලයෙන් ඉවත් කරගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.

වෙනිසියුලා විපක්ෂය නිහඩයි

ඇමෙරිකන් ට්‍රම්ප්ගේ අණින්, අද උදැසන වෙනිසියුලාවට එල්ල වුණු හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන්, වෙනිසියුලා විපක්ෂය මෙතෙක් කිසිවක් පවසා නොමැත.

මදුරෝගේ රජය විසින් වෙනිසියුලාවේ විපක්ෂය මර්දනයට ලක් කර ඇති අතර එහි විපක්ෂයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවෙයි.

තම රටට එල්ල වන ඇමෙරිකන් ප්‍රහාර සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් පැවැසමිය නොහැකි යැයි විපක්ෂයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා ඇත.

මේ අතර වෙනිසියුලාවට එල්ල වන ඇමෙරිකන් ප්‍රහාර සම්බන්ධයෙන් වෙනිසියුලා ජනපති මදුරෝගේ රජය ද කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

( lankadeepa)

මුලාශ්‍ර :

US Embassy in Colombia warns Americans not to travel to Venezuela

‘Do not travel to Venezuela for any reason’: US State Department tells Americans

Venezuela president Maduro captured and flown out of country after ‘large scale’ US strike, says Trump
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'වෙනිසියුලාව ළඟටවත් යන්න එපා' - ඇමරිකාව කියයි : විපක්ෂය නිහඬයි ! | The Leader