එමෙන්ම වෙනිසියුලාව එක්සත් ජනපදයට කිසිදු තර්ජනයක් එල්ල කර නොමැති බව ද රුසියාව කියා සිටියි.

එබැවින් මේ ක්‍රියාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව රුසියාව පවසන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ 'මහා පරිමාණ ප්‍රහාරයකින්' අල්ලා ගත්' බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.
"ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව සිදු කර ඇති අතර, ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටතට රැගෙන ගොස් ඇත." ජනපති ට්‍රම්ප් නිවේදනය කර සිටියේ ය.
මෙම ප්‍රහාරයන් සිදුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර ආතතිය උත්සන්න වෙමින් පවතින මොහොතක ය.
ඇමෙරිකාව මීට පෙර මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැක කරන කැරිබියන් දූපත් වල බෝට්ටුවලට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි.
පසුගිය සඳුදා ට්‍රම්ප් පැවසුවේ වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ප්‍රවාහන බෝට්ටුවලට සම්බන්ධ ප්‍රදේශයකට එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල කළ බවත්, එමගින් "දැවැන්ත පිපිරීමක්" ඇති වූ බවත් ය.
වෙනිසියුලාවේ වාමාංශික ජනාධිපති නිකොලස් මදුරෝ තම රටේ පාලනතන්ත්‍ර වෙනසක් ඇති කිරීමට එක්සත් ජනපදය බලපෑම් කරන බවට චෝදනා කර තිබේ.




