BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වෙනිසියුලානු ජනාධිපති අල්ලා ගත් හැටි ට්‍රම්ප් කියයි

T

The Leader Desk

January 4, 2026 • 4:43 AM

වෙනිසියුලානු ජනාධිපති අල්ලා ගත් හැටි ට්‍රම්ප් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ.
  • එමෙන්ම ඔහුව අල්ලා ගන්නා විට තමන් එය සජීවීව නැරඹූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.
  • එමෙන්ම මෙම ප්‍රහාර මීට දින 4කට පෙර සිදුකිරීමට නියමිතව තිබුණද කාලගුණික තත්ත්වය හමුවේ එය වෙනස් වූ බවත් කාලගුණය යහපත් වූ වහාම ඒ සඳහා ක්‍රියාත්මක වන ලෙස තමන් දැන්වූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයා එම මාධ්‍ය වෙත පවසා ඇත.
  • කෙසේ නමුත් ප්‍රහාරයට සති කිහිපයකට පෙර මධුරෝට යටත් වන ලෙස දැන්වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ඔහුව අල්ලා ගන්නා විට ඔහු සිට ඇත්තේ නිවසක නොව බලකොටුවක් වැනි ස්ථානයක බවය.

එමෙන්ම ඔහුව අල්ලා ගන්නා විට තමන් එය සජීවීව නැරඹූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාර මීට දින 4කට පෙර සිදුකිරීමට නියමිතව තිබුණද කාලගුණික තත්ත්වය හමුවේ එය වෙනස් වූ බවත් කාලගුණය යහපත් වූ වහාම ඒ සඳහා ක්‍රියාත්මක වන ලෙස තමන් දැන්වූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයා එම මාධ්‍ය වෙත පවසා ඇත.

කෙසේ නමුත් ප්‍රහාරයට සති කිහිපයකට පෙර මධුරෝට යටත් වන ලෙස දැන්වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

 G9wIsP0XEAAYOgW

වෙනිසියුලා ජනාධිපති මදුරෝ යු.එස්.එස් ඉවෝ ජිමා (USS Iwo Jima) නෞකාවේ රඳවා සිටින අයුරු දැක්වෙන බව කියන ඡායාරූපයක් ද ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

 

මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ මෙරීන් බළකාව විසින් අල්ලාගත් වෙනිසියුලානු ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් බලා යමින් සිටින බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එම මාධ්‍ය වෙත පවසා තිබේ.

එහිදී අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඔවුන් බොහෝ මිනිසුන් සහ අමෙරිකානුවන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මරා දැමූ බවත් ඒ අනුව මෙම චෝදනා මත ඔවුන් දෙපළට නිව්යෝර්ක් හිදී අධි චෝදනා ගොනු කර ඇති බවය.

මේ අතර වෙනිසියුලාවේ පවතින තත්ත්වය මත එරට බලය අත්පත් කරගැනීම සඳහා විපක්ෂය නායිකාව වන මාරියා කොරිනා මචාඩෝට සහාය ලබා දීම සම්බන්ධව සොයා බැලිය යුතු බව ට්‍රම්ප් පවසා තිබේ.

 

machadoඋප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් 
මෙහිදී වෙනිසියුලාවේ දැනට උප ජනාධිපතිවරියක් සිටින බවත් ඔවුන් කුමන ආකාරයේ කටයුතු ඉදිරියට සිදුකරන්නේද යන්න තමන් නොදන්නා බව පැවසා ඇති අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ රට තුළ ඉතිරිව සිටින ඕනෑම මධුරෝ පාක්ෂිකයෙකුට එරෙහිව දෙවන රැල්ලකට එක්සත් ජනපදය සූදානම් බවය.

එමෙන්ම ඉදිරියේදී වෙනිසිලාවේ තෙල් සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා අමෙරිකානු සමාගම් දැඩි ලෙස සම්බන්ධ වනු ඇතැයි තමා විශ්වාස කරන බවද ට්‍රම්ප් පවසා තිබේ.

වෙනිසියුලාව සමඟ එක්සත් ජනපද "හවුල්කාරීත්වය" වෙනිසියුලාවේ ජනතාව "පොහොසත්, ස්වාධීන සහ ආරක්ෂිත" බවට පත් කරනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියේය.


එක්සත් ජනපදයේ වෙසෙන වෙනිසියුලානු ජාතිකයන් මේ පිළිබඳ "අතිශයින් ම සතුටු වනු ඇතැයි" ඔහු තවදුරටත් පැවසීය.



මදුරෝට-බිරිදට අධිචෝදනා

ඇමෙරිකානු හමුදා භාරයට ගැණුනු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ට එරෙහිව නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව ඇමෙරිකන් නීතිපති පැම් බොන්ඩි නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඇමරිකානු නීතිපතිවරියට අනුව මදුරෝ යුවළට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය ඇතුළු බරපතල චෝදනා රැසක් යටතේ අධිචෝදනා ගොනු කර ඇතැයි ද පැවැසෙයි.
 
maduro1
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ත්‍රස්තවාදී කටයුතුවලට අනුබල දීම, ඇමරිකාව තුළට විශාල වශයෙන් කොකේන් මත්ද්‍රව්‍ය ගෙන්වීමට කුමන්ත්‍රණය කිරීම, මාරක අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ඇමරිකාවට එරෙහිව භාවිතා කිරීම සඳහා ළඟ තබා ගැනීම සහ ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා ඊට අයත් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
 
වෙනිසියුලාව කොකේන් ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගයක් බවත්, ඇමරිකාවේ 'ෆෙන්ටැනයිල්' අර්බුදයට දායක වන බවත් ට්‍රම්ප් තර්ක කරයි. ඔහු වෙනිසියුලානු අපරාධ කල්ලි දෙකක් වන 'ට්‍රෙන් ඩි අරගුවා' සහ 'කාර්ටෙල් ඩි ලොස් සෝල්ස්' විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇත. 'කාර්ටෙල් ඩි ලොස් සෝල්ස්' කල්ලිය මෙහෙයවන්නේ මදුරෝ විසින් යැයි ද ට්‍රම්ප් චෝදනා කර ඇත. කෙසේ නමුත් මෙම සියලු චෝදනා වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ ප්‍රතික්ෂේප කර ඇතැයි ද පැවැසෙයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෙනිසියුලානු ජනාධිපති අල්ලා ගත් හැටි ට්‍රම්ප් කියයි | The Leader