BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඇමෙරිකාව වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැර ගනී : අපි රට පාලනය කරනවා - ට්‍රම්ප් කියයි

T

The Leader Desk

January 4, 2026 • 3:30 AM

ඇමෙරිකාව වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැර ගනී : අපි රට පාලනය කරනවා - ට්‍රම්ප් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකා එක්සත් ජනපදය, පැය ගණනාවක හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සිය භාරයට ගෙන ඇත.
  • වෙනිසියුලාවේ තෙල් සංචිතය සහ යටිතල පහසුකම් විධිමත් කර ඒවා වෙනත් රටවලට විකිණීමට පියවර ගන්නා බව මදුරෝ අල්ලාගැනීමෙන් පැය කිහිපයකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
  • මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී චෝදනා යටතේ ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝට චෝදනා ගොනු කරන බව ද ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකාව, තාවකාලිකව වෙනිසියුලාව පාලනය කරන බවත් රටේ තෙල් සංචිත අනෙකුත් රටවලට විකිණීමට පියවර ගන්නා බවත් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා පැවැසීය.


ඇමෙරිකා එක්සත් ජනපදය මාස ගණනාවක් මුළුල්ලේ වෙනිසියුලාව සමඟ මත ගැටුම් ඇති කරගත් අතර වෙනිසියුලානු පාලනය මත්ද්‍රව්‍ය ජාලයක් නඩත්තු කරන බවට චෝදනා කළ අතර වෙනිසියුලාව එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය. වෙනිසියුලාව ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය එවමින් එය ආයුධයක් ලෙස භාවිත කරන බවත්, ඒ නිසා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන යාත්‍රාවලට පහර දෙන බවත් ඇමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය සඳහන් කළ අතර ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට පසුගිය සිකුරාදා දක්වා කාලයේදී ඔවුන් යාත්‍ර 35 අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර තිබිණි.

මාස ගණනාවක් මුළුල්ලේ රහසේ සිදු කෙරුණු සැලැසුම්වලින් පසු, ඇමෙරිකානු හමුදා වෙනිසියුලාවේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කර, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරිස් ඇමෙරිකානු භාරයට ගත් අතර මේ වනවිට ඔහු නිව්යෝක් නුවරට ගෙනැවිත් ඇතැයි වාර්තා වේ.

G9wIsP0XEAAYOgW
ඇමෙරිකා එක්සත් ජනපදය 2003 වසරේදී  සිදු කළ ඉරාක ආක්‍රමණයෙන් පසු පාලන වෙනසක් (රෙජීම් චේන්ජ්) ඇති කිරීමට කළ වඩාත් ස්ථීරසාර හා සාර්ථක ඇමෙරිකානු ක්‍රියාමාර්ගය මෙය යැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම මෙහෙයුම නිත්‍යනුකූල එකක්දැයි මේ වනවිට නීති විශාරදයන් ප්‍රශ්න නගා ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදය නිකොලස් මදුරෝ නිදහස් කර ඔහු වෙනිසියුලාවේ නිත්‍යනුකූල නායකයා ලෙස ප්‍රකාශයට පත් කළ යුතු යැයි ප්‍රකාශයක් කරමින් වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොද්‍රිගස් අවධාරණය කළා ය.

 

.......

වෙනිසියුලාවේ තෙල් සංචිතය සහ යටිතල පහසුකම් විධිමත් කර ඒවා වෙනත් රටවලට විකිණීමට පියවර ගන්නා බව මදුරෝ අල්ලාගැනීමෙන් පැය කිහිපයකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

ඇමෙරිකානු හමුදා විසින් අල්ලාගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගමන් කරමින් තිබූ යුද නෞකාවට ගෙනැවිත් තිබූ අතර ඉන් අනතුරුව ඔහු රැගත් බව කියැවෙන ගුවන් යානයක් සෙනසුරාදා පස්වරුවේ නිව්යෝක් නුවරට පැමිණි බව ඇමෙරිකානු වාර්තා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී චෝදනා යටතේ ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝට චෝදනා ගොනු කරන බව ද ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කළේ ය.

(ඒ.පී.ඇසුරිනි - AP)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමෙරිකාව වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැර ගනී : අපි රට පාලනය කරනවා - ට්‍රම්ප් කියයි | The Leader