ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීනය පවසයි.
වෙනිසියුලා ජනාධිපති Nicolas Maduro සහ ඔහුගේ ආර්යාව බලහත්කාරයෙන් රඳවා තබාගෙන වෙනිසියුලාවෙන් පිටත් කිරීම සඳහා ඇමරිකාව ඊයේ (03) සිය හමුදා යොදවා තිබිණ.
අද(03) පැවති මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවේ චීනය මේ සඳහා දැඩි විරෝධය පළ කරන බවයි.
ඇමරිකාවේ ක්‍රියාමාර්ග පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම උල්ලංඝනය කරන බව ද චීනය පෙන්වා දෙයි.
වෙනිසියුලානු පාලනය පෙරලා දැමීමට දරන උත්සාහයන් නවතා සංවාදයෙන් හා සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැඩිදුරටත් පැවසිය.




