ඒ, අද දකුණු කොරියා නායකයා චීනයේ විශේෂ රාජ්‍ය සංචාරයක් ආරම්භ කරන අතරවාරයේ ය.
මීට දෙමසකට පෙර ද, උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක නිරත විය. අද, අවම වශයෙන් මිසයිල දෙකක්වත් මුදා හළ බව වාර්තා වේ.
වෙනිසියුලාවේ ඊයේ (3) සිදු කළ එක්සත් ජනපද ආක්‍රමණය, උතුරු කොරියානු නායකයාගේ දැඩි විවේචනයට ලක් වී තිබේ. එය, වෙනිසියුලාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවත්, එමගින්, එක්සත් ජනපද නායකත්වයේ "තක්කඩි" සහ අමානුෂීය ස්වරූපය යළි අනාවරණය කර ඇති බවත්, ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උතුරු කොරියාව අද, මිසයිල මුදා හැරීම සිදු කළේ දකුණු කොරියානු ජනපති, ලී ජේ ම්යුඞ් සිය චීන සංචාරය ඇරඹීමට පැය කිහිපයකට පෙර ය. කොරියානු අර්ධද්වීපයේ තිරසර සාමය දකුණු කොරියානු නායකයාගේ චීන සංචාරයේ අරමුණයි. ඔහු චීනයේදී ජනපති ෂී ජින්පිංග් හා සමුළුවකට සහභාගී වේ.
මිසයිල මුදා හැරුණේ, උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග් අගනුවර සිට කොරියානු - ජපන් මුහුදු සීමාව අතරට ය. දකුණු කොරියාව හා ද්වීපාර්ශ්වීය සබඳතා පැවැත්වීමෙන් ඈත්ව සිටින ලෙස හා, චීනයේ න්‍යෂ්ටික අවි හරණ ප්‍රතිපත්තිය පිළිබඳව එමගින්, උතුරු කොරියාව විසින් චීනයට ප්‍රබල පණිවුඩයක් ලබා දෙන බව, දකුණු කොරියාවේ සියොල් හි පිහිටි ඈත පෙරදිග පිලිබඳ අධ්‍යයනායතනයේ මහාචාර්‍ය, ලිම් ඉයුල්-චුල් කියා සිටී.
"න්‍යෂ්ටික සහ හමුදා ශක්තියෙන් යුත් රාජ්‍යයක් ලෙස, අප වෙනුසියුලාවට ඉඳුරා වෙනස්, සහ දැඩි ප්‍රතිචාර දැක්වීමේ පෙර සූදානමින් පසුවන රාජ්‍යයක්" බවට ද උතුරු කොරියාව එමගින් පණිවුඩයක් නිකුත් කර ඇතැයි, ඔහු පවසයි.
වෙනිසියුලාවේ සිදු වූ දෑ පිළිබඳව මේ මොහොතේ වඩාත් බියට පත් තැනැත්තේ, උතුරු කොරියානු නායක, කිම් ජොංග් උන් බව, යොන්සේ විශ්ව විද්‍යාලයේ ආරධිත මහාචාර්‍ය බොඞ් යන්ග්ෂික් කියයි.
සියොල් සහ තෝකියෝ අගනුවර ද උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළහ. දකුණු කොරියාව හදිසි ආරක්ෂක හමුවක් නිවේදනය කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල ප්‍රඥප්තියට පටහැණි උද්වේගකර ක්‍රියා සිදු කිරීමෙන් වලකින ලෙස එමගින් උතුරු කොරියාවට දන්වා තිබේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
සබැඳි පුවත් :
North Korea fires ballistic missiles, condemns US strikes on Venezuela




