ජීවිත අවදානම නොතකා ක්‍රියා කළ හදිසි සේවා නිලධාරීන්ට සහ සාමාන්‍ය වැසියන්ට ගෞරව දැක්වීම සඳහා එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම් එක් වුහ.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (04) ආරම්භ වූ පස්වන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයට පෙර මෙම උපහාර දැක්වීම සිදු කෙරුණු අතර, එහිදී විශේෂ අවධානයක් යොමු වූයේ සිරියානු සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු වැසියෙකු වන අහමඩ් අල්-අහමඩ් (Ahmed al-Ahmed) වෙතයි.
43 හැවිරිදි පලතුරු වෙළඳසැල් හිමියෙකු වන අල්-අහමඩ්, ප්‍රහාරකයන් පාලනය කර ඔවුන් සතු ගිනිඅවිය උදුරා ගැනීමට කටයුතු කළ අතර, එම අවස්ථාවේදී ඇති වූ තුවාල හේතුවෙන් ඔහු ක්‍රීඩා පිටියට පැමිණියේ ද තම දකුණු අතෙහි වෙළුම් පටියක් සහිතවයි.
ක්‍රීඩාංගණය පුරා පිරී සිටි දසදහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් නැගී සිට අත්පොළසන් දෙමින් ඔහුට උපහාර දැක්වූ අතර, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කළේ අල්-අහමඩ්ගේ ක්‍රියාව "ඕස්ට්‍රේලියානුවන් එක්ව කටයුතු කිරීමේ" උදාර ආදර්ශයක් බවයි.
මුලාශ්‍ර :




