BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මධුරෝ සහ බිරිඳ අද මැන්හැටන් අධිකරණයට

T

The Leader Desk

January 5, 2026 • 4:22 AM

මධුරෝ සහ බිරිඳ අද මැන්හැටන් අධිකරණයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • හෙලර්ස්ටයින් විසින් මෙම නඩු විභාගය මෙහෙයවනු ලබන බවද සඳහන් වේ.
  • කෙසේවෙතත් එරට අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ, මධුරෝ සහ අනෙකුත් වෙනිසියුලානු නායකයින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ, කොකේන් එක්සත් ජනපදයට ආනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා ඔවුන්ගේ රජයේ තනතුරු භාවිතා කර ඇති බවටය.
  • නිකොලස් මධුරෝට එරෙහිව 2020දී ද චෝදනා එල්ල වූ අතර, ඔහු එවකට එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


අමෙරිකානු එක්සත් ජනපද හමුදා විසින් පසුගිය 03වනදා කරකාස් අගනුවර සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත මධුරෝ සහ ඔහුගේ බිරිඳට අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ අනුව අදාළ නඩුව මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අද දහවල් කාලයේදී ආරම්භ වීමට නියමිතය.

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් කේ. හෙලර්ස්ටයින් විසින් මෙම නඩු විභාගය මෙහෙයවනු ලබන බවද සඳහන් වේ.

කෙසේවෙතත් එරට අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ, මධුරෝ සහ අනෙකුත් වෙනිසියුලානු නායකයින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ, කොකේන් එක්සත් ජනපදයට ආනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා ඔවුන්ගේ රජයේ තනතුරු භාවිතා කර ඇති බවටය.



නිකොලස් මධුරෝට එරෙහිව 2020දී ද චෝදනා එල්ල වූ අතර, ඔහු එවකට එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

අමෙරිකානු බලධාරීන් නිකලස් මාදුරෝ ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන නිකලස් මාදුරෝ ගුවේරාට එරෙහිවද චෝදනා ගොනු කර ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් සෙනසුරාදා සිදුකල මෙහෙයුමේදී, ඔහු, අමෙරිකානු හමුදා ග්‍රහණයට ලක්වූයේ නැත.

වීඩියෝ පටයක් නිකුත් කරමින්, නිකලස් මදුරෝ ගුවේරා වෙනිසියුලානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ, වීදි බැස, අමෙරිකාවට සිය විරෝධය පළ කරන ලෙසය.  



මුලාශ්‍ර :

Trump warns new Venezuelan leader as Maduro set to appear in court

Venezuela live updates: Maduro to appear in federal court Monday on alleged drug charges

Trump lays out plans for Venezuela, threatens other countries as Maduro awaits court appearance

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මධුරෝ සහ බිරිඳ අද මැන්හැටන් අධිකරණයට | The Leader