BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ලෝක විනිසුරකු පිළිගන්නේ නෑ' - චීනය

T

The Leader Desk

January 5, 2026 • 11:59 AM

'ලෝක විනිසුරකු පිළිගන්නේ නෑ' - චීනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක විනිසුරකු ලෙස හැසිරෙන කිසිදු රාජ්‍යයක් නොපිළිගන්නා බව චීනය කියයි.
  • "කිසිම රටකට ලෝක පොලිසිය ලෙස ක්‍රියා කිරීමට හැකි බව අප කිසිදා විශ්වාසය තැබුවක් නොවේ.
  • එමෙන්ම, කිසිම ජාතියකට තමන් ලෝක විනිසුරුවකු ලෙස ප්‍රකාශයට පත් කළ හැකි බව අප කිසිදා පිළිගන්නේ ද  නැහැ," යි, චීන විදේශ අමාත්‍යවරයා බෙයිජිංග් නුවර පැවති රැස්වීමකදී පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාඛ් දර් හමුවේ එසේ පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  •   වෙනිසියුලාවේ උද්ගත හදිසි තත්ත්වය පිලිබඳ එහිදී අදහස් පළ කළ චීන විදේශ අමාත්‍යවරයා, එක්සත් ජනපදය පිලිබඳ නිශ්චය වශයෙන් පැවසීමෙන් තොරව එසේ ප්‍රකාශ කළ බව ද රොයිටර්ස්  පුවත් සේවය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව ආක්‍රමණය කර, ජනපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීම පිලිබඳ චීන විදේශ අමාත්‍ය, වැන්ග් යී විසින් එම ප්‍රකාශය සිදු කර තිබේ.

"කිසිම රටකට ලෝක පොලිසිය ලෙස ක්‍රියා කිරීමට හැකි බව අප කිසිදා විශ්වාසය තැබුවක් නොවේ. එමෙන්ම, කිසිම ජාතියකට තමන් ලෝක විනිසුරුවකු ලෙස ප්‍රකාශයට පත් කළ හැකි බව අප කිසිදා පිළිගන්නේ ද  නැහැ," යි, චීන විදේශ අමාත්‍යවරයා බෙයිජිංග් නුවර පැවති රැස්වීමකදී පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාඛ් දර් හමුවේ එසේ පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

 

වෙනිසියුලාවේ උද්ගත හදිසි තත්ත්වය පිලිබඳ එහිදී අදහස් පළ කළ චීන විදේශ අමාත්‍යවරයා, එක්සත් ජනපදය පිලිබඳ නිශ්චය වශයෙන් පැවසීමෙන් තොරව එසේ ප්‍රකාශ කළ බව ද රොයිටර්ස්  පුවත් සේවය කියයි.

සෑම රාජ්‍යයකම ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව ජාත්‍යන්තර නීතිය යටතේ පූර්ණ රැකවරණයෙහි ලා පැවතිය යුතු බව ද, එහිදී ඔහු අවධාරණය කර තිබේ.

චීනය සහ වෙනිසියුලාව, දෙරට අතර 50 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමරමින් 2023 දී විශේෂ උපාය මාර්ගික  ගිවිසුමකට ද එළැඹිණි. එක්සත් ජනපද හමුදා වෙනිසියුලාව ආක්‍රමණය කිරීම චීනයට 'මරු පහරක්' බව චීන රාජ්‍ය නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පැවසීය.

මදුරෝගේ පුත්‍රයා 2024 වර්ෂයේදී චීනයේ මුල් පෙළ, පීකිංග් විශ්වවිද්‍යාලයට පැමිණියේය. 2016 දී ඊට ඇතුළු වූ ඔහු එහි උසස් අධ්‍යාපනය  හදාරා ඇත්තෙකි.

maduro son
2017 වසරේ, එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් වෙනිසියුලාවට එරෙහි සම්බාධක පැනවීමෙන් අනතුරුව, එහි ජීවනාලිය වූයේ චීනයයි.

2024 වර්ෂයේ පමණක් චීනය, එරටින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6කට ආසන්න භාණ්ඩ මිලදී ගත්තේය. චීන  මිලදී ගැනීම් වලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් බොර තෙල් ය. 2018 වන විට චීන රජයට අයත් තෙල් දැවැන්තයින් විසින් වෙනිසියුලාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6ක ආයෝජන සිදු කර තිබිණි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...