BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරනවා - මදුරෝ අධිකරණයේදී කියයි

T

The Leader Desk

January 6, 2026 • 5:21 AM

සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරනවා - මදුරෝ අධිකරණයේදී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
  • දැඩි ආරක්ෂක රැකවල් මැද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝක් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී සිය අනන්‍යතාවය තහවුරු කරන ලෙස විනිසුරුවරයා ඉල්ලීමක් කළේය.
  •   ''මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපති'' නිකොලස් මදුරෝ වන තමන් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන අතර පසුගිය 3 වන දින සිය නිවසේදී පැහැරගැනීමට ලක් වූ බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
  • "මම නිර්දෝශී, මම යහපත් මිනිසෙක්, මම කිසිදු වරදක් කර නැහැ" යනුවෙන් වෙනිසියුලානු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගියදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැඩි ආරක්ෂක රැකවල් මැද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝක් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී සිය අනන්‍යතාවය තහවුරු කරන ලෙස විනිසුරුවරයා ඉල්ලීමක් කළේය.

 



''මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපති''

නිකොලස් මදුරෝ වන තමන් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන අතර පසුගිය 3 වන දින සිය නිවසේදී පැහැරගැනීමට ලක් වූ බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

"මම නිර්දෝශී, මම යහපත් මිනිසෙක්, මම කිසිදු වරදක් කර නැහැ" යනුවෙන් වෙනිසියුලානු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


තමන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, අවි ආයුධ ජාවාරම් යන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බව ද මදුරෝ අවධාරණය කර ඇති බව සඳහන් වේ.

නිකොලස් මදුරෝගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

මිනිත්තු 40ක පමණ කාලයක් පැවති නඩු විභාගයෙන් අනතුරුව යලි කැඳවීම මාර්තු මස 17 වනදා දක්වා කල් තබා තිබේ.

ඉන් පසුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිව්යෝක්හි බෘක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්

මේ අතර වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අමෙරිකාව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, අදාළ ක්‍රියාමාර්ගය අමෙරිකාව ජාත්‍යන්තර නීති රීති වලට ගරු නොකිරීමක් බවය.

මේ අතර වෙනිසියුලාවේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි රැස්වීමක් ද ඊයේ කැඳවා තිබුණි.

එහිදී අමෙරිකාවේ ක්‍රියාමාර්ගය පිළිබඳව ඇතැම් රටවල් දැඩි විවේචන එල්ල කළ අතර තවත් රටවල් අමෙරිකාව ගත් තීරණය පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

 

ministry of Affairs
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ද වෙනිසියුලානු තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්වී සිටින බවය.

වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර මෙම ගැටලුව සංවාදය තුළින් සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

| aruna


මුලාශ්‍ර :

Venezuela's Maduro tells US court 'I am still president' as he pleads not guilty to drugs charges

Key moments from Maduro’s first court appearance

Live updates: Maduro and his wife plead not guilty at first court appearance since capture in Venezuela

Maduro Says He Is a Prisoner of War, Not a Defendant. The Words Matter.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...