BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනපති ලෙස ඩෙල්සි රොඩ්රිගස් දිවුරුම් දෙයි

T

The Leader Desk

January 6, 2026 • 12:27 PM

වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනපති ලෙස ඩෙල්සි රොඩ්රිගස් දිවුරුම් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු හමුදා භාරයේ පසුවන හිටපු වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ නිදහස් කරන ලෙස ඉල්ලමින් පැවැති විශේෂ පාර්ලිමේන්තු වාරයකදී, වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනාධිපතිවරිය ලෙස ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) දිවුරුම් දී ඇත.
  • මෙම අවස්ථාවේදී පසුගිය වසරේ මැයි මාසයේදී මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 283 දෙනෙකු ද දිවුරුම් දුන්නේය.
  •   පසුගිය සෙනසුරාදා අමෙරිකානු විශේෂ බලකාය විසින් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් (Cilia Flores) අත්අඩංගුවට ගැනීම ඇය හඳුන්වා දුන්නේ "පැහැර ගැනීමක්" ලෙසයි.
  • නිව්යෝර්ක් අධිකරණයකට ඉදිරිපත් කෙරුණු නිකොලස් මදුරෝ, තමාට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය පිළිබඳ චෝදනා හතරටම තමා "නිවැරදිකරු" බව ප්‍රකාශ කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


56 හැවිරිදි රොඩ්රිගස් 2018 වසරේ සිට වෙනිසියුලාවේ උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කළාය.

ඇය දිවුරුම්දීම සිදුකළේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා මෙන්ම ඇයගේ සහෝදරයා ද වන ජෝර්ජ් රොඩ්‍රිගස් ඉදිරියේ වීම විශේෂත්වයකි.

මෙම දිවුරුම්දීමේ නීත්‍යනුකූල භාවය අධීක්ෂණය කරනු ලැබුවේ නිකලොස් මදුරෝගේ පුත්‍රයා වන නිකලොස් මදුරෝ ගුරේරා විසිනි.

මෙම අවස්ථාවේදී පසුගිය වසරේ මැයි මාසයේදී මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 283 දෙනෙකු ද දිවුරුම් දුන්නේය.

 



පසුගිය සෙනසුරාදා අමෙරිකානු විශේෂ බලකාය විසින් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් (Cilia Flores) අත්අඩංගුවට ගැනීම ඇය හඳුන්වා දුන්නේ "පැහැර ගැනීමක්" ලෙසයි.

නිව්යෝර්ක් අධිකරණයකට ඉදිරිපත් කෙරුණු නිකොලස් මදුරෝ, තමාට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය පිළිබඳ චෝදනා හතරටම තමා "නිවැරදිකරු" බව ප්‍රකාශ කර තිබිණ.

"මම තවමත් මගේ රටේ ජනාධිපතිවරයායි, මම ගෞරවනීය පුද්ගලයෙක්," යැයි ඔහු විනිසුරුවරයා හමුවේ පවසා ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, සුදුසු පාලන තන්ත්‍රයක් ස්ථාපිත වන තෙක් වෙනිසියුලාව අමෙරිකාව යටතේ පාලනය වන බවයි.

( hirunews)


Delcy Rodriguez sworn in as Venezuela’s president after Maduro abduction

Delcy Rodriguez sworn in as Venezuela's interim president

Venezuela swears in interim president after defiant Maduro pleads not guilty

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...