BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සියක් ආයු ලද මැලේසියාවේ හිටපු අගමැති රෝහල් ගත කෙරේ

T

The Leader Desk

January 6, 2026 • 2:50 PM

සියක් ආයු ලද මැලේසියාවේ හිටපු අගමැති රෝහල් ගත කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියක් ආයු ලැබ ජීවත් වීමේ වාසනාව ලද මැලේසියාවේ හිටපු නායක, අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් අද උදෑසන සිදු වූ අනතුරකින්
  •   එරට අග්‍රාමාත්‍යවරයා ලෙස, 1981 සිට 2003 තෙක්, සිය  ප්‍රථම ධුර කාලයේ දී මැලේසියාව කාර්මීකරණය වෙත පරිවර්තනය කරමින්  තිරසර   සමාජ - ආර්ථික සංවර්ධනය උදා කළ පුරෝගාමියා ඔහු වේ.
  • ඔහුව අවසන් වරට රෝහල් ගත කෙරුණේ, පසු ගිය ජුලි මස ඔහුගේ සිය වන උපන්දින සැමරුමට සහභාගී වීමෙන් අනතුරුව හටගත් තෙහෙට්ටුව හේතුවෙනි.
  • අග්‍රාමාත්‍ය ධුරයේ ඔහුගේ ප්‍රථම ධුර කාලය වසර 22කි.
අකුරු ප්‍රමාණය (Font Size):

(6) පසු රෝහල් ගත කෙරේ.  

අග්‍රාමාත්‍යවරයා සිය නිවසේ ඇද වැටීමෙන් උකුල් ඇටය ආශ්‍රිත අස්ථි භග්නයක් සිදුව ඇතැයි, ඔහුගේ කාර්යාලය සඳහන් කරයි.

ඉදිරි සති කිහිපයේ ඔහු ක්වාලා ලම්පූර් හි ජාතික හෘද අධ්‍යයනායතනයේ නේවාසික ප්‍රතිකාර ගැනීමට නියමිතය.  

එරට අග්‍රාමාත්‍යවරයා ලෙස, 1981 සිට 2003 තෙක්, සිය  ප්‍රථම ධුර කාලයේ දී මැලේසියාව කාර්මීකරණය වෙත පරිවර්තනය කරමින්  තිරසර   සමාජ - ආර්ථික සංවර්ධනය උදා කළ පුරෝගාමියා ඔහු වේ. අයහපත්  හෘද තත්ත්වයන්ට  ගොදුරු වීමෙන් පසු ගිය වසර කිහිපයේම රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදු විය. හිටපු අග්‍රාමාත්‍යවරයාට මීට ප්‍රථම, හෘද සැත්කම්  ද සිදු කර තිබේ.

ඔහුව අවසන් වරට රෝහල් ගත කෙරුණේ, පසු ගිය ජුලි මස ඔහුගේ සිය වන උපන්දින සැමරුමට සහභාගී වීමෙන් අනතුරුව හටගත් තෙහෙට්ටුව හේතුවෙනි.

අග්‍රාමාත්‍ය ධුරයේ ඔහුගේ ප්‍රථම ධුර කාලය වසර 22කි. 2018 වසරේ ඔහු නැවත මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මැතිවරණයෙන් තේරී පත් විය. එහෙත් එවර, අභ්‍යන්තර ගැටුම් හේතුවෙන්,  දෙවසරකට අඩු කාලයක් තුළ රජය බිඳ වැටිණි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )

මුලාශ්‍රය :

Malaysia ex-PM Mahathir, 100, in hospital after hip fracture


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...