BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වෙනිසියුලාව දැන් සන්සුන්..!

T

The Leader Desk

January 7, 2026 • 7:08 AM

වෙනිසියුලාව දැන් සන්සුන්..!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරාකස් සහ වොෂින්ටනය වෙළඳ ගිවිසුමකට පිවිසේ. කරාකස් යනු වෙනිසියුලාවේ අගනුවරය.
  • ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (6) එම වෙළඳ ජයග්‍රහණය පිලිබඳ නිවේදනය කළේ යුක්ති ධර්මය අතික්‍රමණය කළ ආක්‍රමණයේ සැබෑ නිරුවත ගෝලීයව ප්‍රදර්ශනය කරමිනි.
  • ට්‍රම්ප් රජයේ නව  තීරණයත් සමග චීනයෙන් එක්සත් ජනපදය වෙත සිදු කෙරෙන තෙල් සැපයුම් දාමය සැලකිය යුතු ලෙස බිඳ වැටේ; වෙනිසියුලාවට පැනවූ බොර තෙල් සම්බාධක තව දුරටත් ලිහිල් කෙරේ.
  •   නව ගිවිසුම, වෙනිසියුලා අන්තර් පාලනය ට්‍රම්ප්ගේ කීමට ධනාත්මක ප්‍රතිචාර දැක්වූ  වූ බවට ප්‍රබල සංඥාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

නව ගිවිසුම අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට අධික වටිනාකමින් යුත් වෙනිසියුලානු බොර තෙල් එක්සත් ජනපදය වෙත අපනයනය කෙරේ.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (6) එම වෙළඳ ජයග්‍රහණය පිලිබඳ නිවේදනය කළේ යුක්ති ධර්මය අතික්‍රමණය කළ ආක්‍රමණයේ සැබෑ නිරුවත ගෝලීයව ප්‍රදර්ශනය කරමිනි.

ට්‍රම්ප් රජයේ නව  තීරණයත් සමග චීනයෙන් එක්සත් ජනපදය වෙත සිදු කෙරෙන තෙල් සැපයුම් දාමය සැලකිය යුතු ලෙස බිඳ වැටේ; වෙනිසියුලාවට පැනවූ බොර තෙල් සම්බාධක තව දුරටත් ලිහිල් කෙරේ.

 

ven 45

නව ගිවිසුම, වෙනිසියුලා අන්තර් පාලනය ට්‍රම්ප්ගේ කීමට ධනාත්මක ප්‍රතිචාර දැක්වූ  වූ බවට ප්‍රබල සංඥාවකි. වෙනත් අයුරකින් පවසතොත්, එක්සත් ජනපද තෙල් සමාගම් වෙත වෙනිසියුලානු බොර තෙල් ලබා දෙන්නේ ද, නොඑසේව, තවත් හමුදාමය  මැදිහත්වීමකට  මුහුණ දෙන්නේද යනුවෙන්, ට්‍රම්ප් කළ තර්ජනයට අවනත වීමකි. අන්තර්වාර ජනපතිනි, ඩෙල්සි රොඩ්‍රිගස්, එක්සත් ජනපදයට සහ පුද්ගලික තෙල් සමාගම් වෙත වෙනිසියුලානු තෙල් කර්මාන්තය වෙත පූර්ණ ලෙස පිවිසීමට බලය ලබා දිය යුතු බවට, ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය.

ven 46

 

වෙනිසියුලාව සතුව, නෞකා ගත කළ සහ රට තුළ ඉන්ධන සංචිතයන්හි ගබඩා කළ බොර තෙල් බැරල් මිලියන ගණනක් පවතී. ජනපති ට්‍රම්ප් පැනවූ සම්බාධක හේතුවෙන් පසුගිය දෙසැම්බරයේ මැද සිට, වෙනිසියුලාවට බොර තෙල් අපනයනය කිරීමට නොහැකි විය. එම අවහිරය, ජනපති නිකොලස් මදුරෝ ට ධුරයෙන් ඉවත්වන ලෙස, එක්සත් ජනපදය දියත් කළ දැඩි පීඩනයේ ම කොටසකි. මදුරෝ රජයේ ඉහළම නිලධාරීන් තවමත් පසුවන්නේ එකම මතයේය. එනම්, එක්සත් ජනපද හමුදා ආක්‍රමණයකින්, මදුරෝ රැගෙනයාම, පැහැර ගැනීමක් බවය. වෙනිසියුලාව සතු විසල් තෙල්  සම්පත සොරකමේ යෙදෙන බවට ඔව්හු එක්සත් ජනපදයට චෝදනා කරති.

G BKjdeXkAAjHZg
වෙනිසියුලාව, සම්බාධක මත රැඳුණු තෙල් බැරල මිලියන 30ත් 50ත් අතර සංඛ්‍යාවක් එක්සත් ජනපදය වෙත හරවා එවීමට නියමිත බව, ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ කියා සිටියේය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/7/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Venezuela to export $2 billion worth of oil to US in deal with Washington

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...