BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අනිවාර්ය හමුදා සේවයෙන් ඊශ්‍රායල සමාජය දෙකඩ වෙලා

T

The Leader Desk

January 7, 2026 • 12:08 PM

අනිවාර්ය හමුදා සේවයෙන් ඊශ්‍රායල සමාජය දෙකඩ වෙලා  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීමට විරෝධය පා ඊයේ (6) ජෙරුසෙලමේ පැවති මහා යුදෙව් ජන රැළියක් වෙත කඩා වැදුණු බස් රථයකට යට වී තරුණයකු ජීවිතක්ෂයට පත් විය. එහි රියදුරා විසින් හිතාමතාම එම අනතුර සිදු කර තිබිණි.
  • අනතුරට පත්  18 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.
  • එරට ඇතැම් පාර්ශ්ව එම නීතියෙන් විනිර්මුක්ත කර තිබීම මත සමාජය විශාල ලෙස  භේද භින්නව පවතී.
  • හමුදා සේවය අනිවාර්ය වන බහුතර ඊශ්‍රායල ජනතාව විසින්, ඉන් නිදහස් කර ඇති පිරිස් සමාජයට අසාධාරණ බරක් යැයි කියා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිස් රැඳවුම් භාරයේ පසුවන, එම රියදුරා පිලිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය. යුදෙව්වෝ දහස් ගණනක් එම රැලියට සහභාගී ව සිටියහ.

අනතුරට පත්  18 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.

 

ඊශ්‍රායලයේ අනිවාර්ය හමුදා සේවය විවාදිත කරුණකි. එරට ඇතැම් පාර්ශ්ව එම නීතියෙන් විනිර්මුක්ත කර තිබීම මත සමාජය විශාල ලෙස  භේද භින්නව පවතී. හමුදා සේවය අනිවාර්ය වන බහුතර ඊශ්‍රායල ජනතාව විසින්, ඉන් නිදහස් කර ඇති පිරිස් සමාජයට අසාධාරණ බරක් යැයි කියා සිටිති. එරට දැඩි මතධාරී අන්ත-ඕතඩොක්ස් පාර්ශව, පූර්ණ ආගමික නැඹුරුවක් සහිත අනන්න්‍යතා දක්වමින් අනිවාර්ය හමුදා සේවය ප්‍රතික්ෂේප කර සිටිති.

මෙම සමාජ අර්බුදය මත ඉකුත් වකවානුවේ, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද දේශපාලනිකව මහත් පරිහානියට පත් විය.

වත්මන් ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාන්විතයන්හි වර්ධනය හේතුවෙන්, අනිවාර්ය හමුදා සේවය එහි බොහෝ ක්ෂේත්‍රයන්හි  මුඛ්‍ය සහ ප්‍රධාන මාතෘකාවකි. ඉකුත් දෙවසර තුළ වැඩිම ඊශ්‍රායල හමුදා මරණ සංඛ්‍යාවක්  වාර්තා වන්නේ   ගාසා තීරයෙන් හා  ලෙබනනය, සිරියාව, යේමනය සහ ඉරානය යන රටවලිනි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

1/7/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Teen killed after bus hits ultra-Orthodox protesters in Jerusalem

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනිවාර්ය හමුදා සේවයෙන් ඊශ්‍රායල සමාජය දෙකඩ වෙලා | The Leader