BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දකුණු යේමන බෙදුම්වාදී නායකයා ගුවන් ගමනක් දමා පලා යයි

T

The Leader Desk

January 7, 2026 • 12:38 PM

දකුණු යේමන බෙදුම්වාදී නායකයා ගුවන් ගමනක් දමා පලා යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු යේමනයේ බෙදුම්වාදී කැරළි නායකයා පලා යයි.
  • යේමන අර්බුදය හේතුවෙන් වත්මන් තෙල් බලවතුන් අතර විරසකයක් හටගෙන ඇත.
  • එය යේමනයේ, ඉරාන හිතවාදී හුති ත්‍රස්තයින් ඉලක්ක කළ මිත්‍ර සන්ධාන මෙහෙයුම් කෙරෙහිද අනිසි ලෙස  බලපා ඇත.
  • ඔහු කොහේ අතුරුදන් වී දැයි නොදන්නා බව, සෞදි සන්ධානයේ ප්‍රකාශක තුර්කි අල්-මලිකි කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උද්ගත රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට විසඳුම් සොයා කැඳවා තිබූ සාකච්ඡාවකට සහභාගී වීම පිණිස අද (7) රියාද් බලා පියාසර කිරීමට නියමිතව සිටියදී ඔහු  පලා ගොස් ඇත.

කැරළි නායකයා පලා ගිය ස්ථානය මෙතෙක් අනාවරණය වී නැත.

 

yemen56

ඔහුගේ එම ක්‍රියාවත් සමග, දකුණු යේමන අර්බුදයට ඉක්මන් විසඳුම් සොයා දියත් කළ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ද අඩාල වී තිබේ. යේමන අර්බුදය හේතුවෙන් වත්මන් තෙල් බලවතුන් අතර විරසකයක් හටගෙන ඇත. එය යේමනයේ, ඉරාන හිතවාදී හුති ත්‍රස්තයින් ඉලක්ක කළ මිත්‍ර සන්ධාන මෙහෙයුම් කෙරෙහිද අනිසි ලෙස  බලපා ඇත. යේමනයේ හුති ත්‍රස්තයෝ දශකයකට අධික සිවිල් යුද්ධයක නිරතව සිටිති.

පලා ගිය බෙදුම්වාදී නායකයා වන්නේ, අයිඩාරස් අල්-සුබෙයිදී (Aidarous al-Zubaidi) නම් අයෙකි. ඔහු යේමනයේ දක්ෂිණ සංක්‍රාන්ති සභාවේ (STC) නායකයා වේ. එහි ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් රැගෙන පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානය, පැය තුනකට අධික ප්‍රමාදයකින් පසුව ඔහු රහිතව රියාද් බලා පිටත් විය. ඔහු කොහේ අතුරුදන් වී දැයි නොදන්නා බව, සෞදි සන්ධානයේ ප්‍රකාශක තුර්කි අල්-මලිකි කියා සිටියේය.

 

yemen 57
ගුවන් යානා ප්‍රමාදය අතරතුර ඔහු  සන්නද්ධ පිරිසක් හා පලා ගිය බවට ද තතු ලද බව ඔහු පැවසීය. එම පිරිස සැහැල්ලු සහ මධ්‍යම අවි වලින් සන්නද්ධ පිරිසකැයි ද ඔහු සඳහන් කළේය.

දක්ෂිණ සංක්‍රාන්ති සභාව යනු සෞදි සහාය හිමි යේමන රජයට බැහැරින් ක්‍රියාත්මක කණ්ඩායමකි. එය දකුණු යේමනයේ ක්‍රියාත්මක ප්‍රධාන බෙදුම්වාදී සංවිධානයකි. පාලන බලය සම්බන්ධයෙන් වසර ගණනක් තිස්සේ "එක තැන පල් වන" දේශ සීමා ගැටළු මුල් කර, නැගෙනහිර දේශ සීමා ප්‍රාන්තයක් වන හද්‍රාමෞට් වෙතින් ඔවුන්ට වහා ඉවත්වන ලෙස සෞදි අරාබි  රජය විසින් නියෝග කර ඇත. කෙසේ වෙතත්, වත්මන, බෙදුම්වාදීන් ලෙස හැඳින්වෙන දක්ෂිණ සංක්‍රාන්ති සභා සාමාජිකයින්, මීට පෙර, සෞදි අරාබි සන්ධානයේම පාර්ශ්වයක් විය. ඔවුහු 2015  වසරේ, යේමනයේ හුති සාමාජිකයින්ට එරෙහිව ක්‍රියාත්මක වූහ. පසුව, එරට දකුණේ ස්වයං පාලනය ඉල්ලා සිටියහ. 2022 වසරේ සිට එරට හුති පාලනයෙන් බැහැර  දකුණු පෙදෙස්හි පාලනය සෞදි රාජ්‍යයේ සහාය හිමි, බල හුවමාරු ක්‍රමවේදයක් යටතේ එම කණ්ඩායම ද ඇතුළු සන්ධානයක් මගින් සිදු කෙරිණි.

yemen 58

 

සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධානයක් විසින් යේමනයේ මුකල්ලා වරායට පසු ගිය මස 30 දා ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහාය ලබන බෙදුම්වාදීන් ලද විදෙස් හමුදා ආධාර තොගයක් ඉලක්ක කර එම ප්‍රහාරය දියත් විය.  

ඒ සමග, සෞදි හිතවාදී යේමන ජනාධිපති කවුන්සිලය විසින් යේමනයේ රැඳී සිටින එක්සත් අරාබි එමීර් හමුදාවන්ට පැය 24ක් ඇතුළත වහා රටින් පිටවන ලෙස නියෝග නිකුත් කෙරිණි.

යේමන ජනපති කවුන්සිලයේ ප්‍රධානී රෂාඩ් අලලිමී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුමක් වහා අවලංගු කිරීමට ද පියවර ගත්තේය. යේමනයේ අභ්‍යන්තර ආරවුල් ඇති කිරීමට ප්‍රයත්නයේ යෙදීම සම්බන්ධයෙන් ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රබල දෝෂාරෝපණ ද සිදු කළේය.

yemen 59

 

පසුගිය දෙසැම්බර මස සිට, යේමනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය හිමි දක්ෂිණ සංක්‍රාන්ති සභා කැරලිකරුවන් සහ සෞදි අරාබි සහාය ලබන ජාත්‍යන්තරව පිළිගත් එරට රජය අතර සටන් හට ගෙන තිබේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/7/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Fate of Yemen separatist leader deepens southern crisis as Saudi-UAE tensions linger

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...