BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඕස්ට්‍රේලියාවට තාප තරංග අවදානමක්

T

The Leader Desk

January 8, 2026 • 3:47 PM

ඕස්ට්‍රේලියාවට තාප තරංග අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට හෙට (9) තාප තරංගවලින් බලපෑම් එල්ල වනු බලපානු ඇතැයි අපේකෂා කරන බවත්,
  • ක්වීන්ස්ලන්තය හැර ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම සහ ප්‍රදේශයකටම තාප තරංගවලින් බලපෑම් එල්ල වනු ඇති බවත්, දින ගණනාවක් පුරා ඉහළ උෂ්ණත්වයක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යාඥයන් පුරෝකථනය කර ඇත.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ හෙට (6) දිනයේ, ළැව් ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීම ‘ව්‍යසනකාරී’ ලෙස - ඉහළම මට්ටමට - නියම කර  ඇති බවත් පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන 450 ක් පමණ වසා දමනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
  • අද (8) දින  වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇති වූ ළැව් ගිනි කිහිපයක් ගිනි නිවන භටයින් මැඩපැවැත්වූ අතර, වොඩොන්ගා නගරය අසල විශාල ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගුවන් යානා මගින්ද ජලය රැගෙන  පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැම් ප්‍රදේශ විනාශකාරී ළැව්ගිනි හටගැනීමට ඉඩ ඇති බවත් එරට කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකතනය කර ඇත.

ක්වීන්ස්ලන්තය හැර ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම සහ ප්‍රදේශයකටම තාප තරංගවලින් බලපෑම් එල්ල වනු ඇති බවත්, දින ගණනාවක් පුරා ඉහළ උෂ්ණත්වයක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යාඥයන් පුරෝකථනය කර ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයේ හෙට (6) දිනයේ, ළැව් ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීම ‘ව්‍යසනකාරී’ ලෙස - ඉහළම මට්ටමට - නියම කර  ඇති බවත් පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන 450 ක් පමණ වසා දමනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

අද (8) දින  වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇති වූ ළැව් ගිනි කිහිපයක් ගිනි නිවන භටයින් මැඩපැවැත්වූ අතර, වොඩොන්ගා නගරය අසල විශාල ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගුවන් යානා මගින්ද ජලය රැගෙන  පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙල්බර්න් නුවරට වසර හයකින් පසු ඊයේ (7) ‘උණුසුම්ම දිනය’ අත්විඳින්නට හැකි වූයේ සෙල්සියස් අංශක 40.9 ක උපරිම උෂ්ණත්වයක් වාර්තා කරමින් බවත්, ඊයේ බටහිර ඕස්ට්‍රේලියාවේ සමහර වෙරළබඩ නගර සෙල්සියස් අංශක 49 ක් වු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නිව් සවුත් වේල්ස් හි, සෙනසුරාදා තාප තරංගය උපරිමයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර සිඩ්නි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ යනු ඇති බවත් දකුණු ඕස්ට්‍රේලියාවේ සහ බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ ඉදිරි දිනවලදී සෙල්සියස් අංශක 40 ඉක්මවනු ඇති බවත් වාර්තා වේ.

‘වර්තමාන තාප තරංගවල බලපෑමේ උච්චතම අවස්ථාව සිකුරාදා (9) වනු ඇත," කාලගුණ විද්‍යා කාර්යාංශයේ ඇන්ගස් හයින්ස් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මිලියන සංඛ්‍යාත ජනතාවක් ජීවත් වන මෙල්බර්න් සහ ඇඩිලේඩ් සඳහා බදාදා දිනය පළමු සැලකිය යුතු තාප තරංගය වූ අතර සිකුරාදා (9) ලැව්ගිනි තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයිද ඇන්ගස් හයින්ස්  පවසා ඇත.

‘හෙට වික්ටෝරියා හරහා සුළං ශක්තිමත් වෙමින් පවතී, සුළු වර්ෂාවක් සහ වියළි අකුණු සැර වැදීමක් සහිත ගිගුරුම් සහිත වැසි සමඟ එක්ව, වික්ටෝරියා හි උතුරු ප්‍රදේශ සඳහා ළැව්ගිනි අවදානම ව්‍යසනකාරී මට්ටම් කරා ළඟා වනු ඇත’ යැයි හයින්ස් වැඩිදුරටත් පවසා ඇත.

‘ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා අපගේ හදිසි සේවා සමඟ ජනතාව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම අපට අවශ්‍යයි’ යනුවෙන් වික්ටෝරියා හදිසි කළමනාකරණ කොමසාරිස් ටිම් වයිබුෂ් පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

දැන්ම සූදානම් වී, පුරෝකථනය කරන ලද ව්‍යසනකාරී ළැව් ගිනි අවදානමක් ඇති ප්‍රදේශයක සිටී නම්, අඩු ගිනි අවදානමක් ඇති ප්‍රදේශයකට ඉක්මනින් පිටත් වන ලෙස ජනතාවට ටිම් වයිබුෂ් පැවසු බවද වැඩිදුරටත් සඳහන් වේ.

ඕස්ට්‍රේලියාවේ ළැව් ගිනි අවදානම් ශ්‍රේණිගත කිරීමේ පරිමාණයට මට්ටම් හතරක් ඇත, ඉහළම මට්ටම ව්‍යසනකාරී වන අතර පසුව අන්ත, ඉහළ සහ පහළ වේ.
අවම සහ උපරිම උෂ්ණත්වය දින තුනකට වඩා අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන විට තාප තරංගයක් ප්‍රකාශයට පත් කෙරේ.

(හසිනි නවෝද්‍යා - බීබීසි ඇසුරෙන්)

(lankadeepa)

Heatwave hits Australia as officials warn of 'catastrophic' fire risk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...