BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා තීරයේ හමාස් රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයකට ඊශ්‍රායල ප්‍රහාර

T

The Leader Desk

January 9, 2026 • 4:08 AM

ගාසා තීරයේ හමාස් රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයකට ඊශ්‍රායල ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා ඊයේ (8) ගාසා නගරයේ ත්‍රස්තවාදී ඉලක්කයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළහ.
  • හමාස් ත්‍රස්තයින් විසින් එහි සිට සිදු කළ රොකට් ප්‍රහාරයක් වැරදී යාමෙන් එම ස්ථානය හඳුනා ගත් බව ද ඊශ්‍රායල හමුදා කියා සිටියහ.
  • ඉකුත් පැය 24 තුළ දෙවරක් ම සටන් විරාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්, ඊශ්‍රායල හමුදා, හමාස් සංවිධානයට චෝදනා  කරති.
  •  එම චෝදනා විමර්ශනය කරන බව, හමාස් සංවිධානය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


හමාස් රොකට් මුදා හැරෙන මධ්‍යස්ථානයක් හඳුනා, ප්‍රහාර එල්ල කළ බව එම හමුදා පැවසූහ.

හමාස් ත්‍රස්තයින් විසින් එහි සිට සිදු කළ රොකට් ප්‍රහාරයක් වැරදී යාමෙන් එම ස්ථානය හඳුනා ගත් බව ද ඊශ්‍රායල හමුදා කියා සිටියහ.

 



ත්‍රස්තයින් මුදා හළ රොකට් ප්‍රහාරය ඊශ්‍රායල දේශ සීමාව වෙත පිවිසීමට පෙර ව්‍යර්ථ විය. එසැණින්, එම හමුදා විසින් ත්‍රස්ත ඉලක්කය වෙත ප්‍රහාර එල්ල කර තිබේ. නව තත්ත්වය හමුවේ ගාසා සටන් විරාමයේ දෙවන අදියර ආරම්භ කිරීම ගැටළු සහගතව  පවතී.

ඉකුත් පැය 24 තුළ දෙවරක් ම සටන් විරාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්, ඊශ්‍රායල හමුදා, හමාස් සංවිධානයට චෝදනා  කරති.  එම චෝදනා විමර්ශනය කරන බව, හමාස් සංවිධානය කියයි.

nethanyahu

සටන් විරාම පළමු අදියර එකඟ වූ පරිදි ඊශ්‍රායලය, හමාස් සංවිධානය වෙතින්, අවසන් ප්‍රාණ ඇපකරු මළ සිරුර අපේක්ෂාවෙන් පසුවේ. ගාසා තීරයේ රඳවා ඇති එම මළ සිරුර භාර දෙන තෙක්, ඊශ්‍රායලය සටන් විරාමයේ දෙවන අදියර ට කිසිසේත් ප්‍රවිෂ්ට නොවන බව, අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු තරයේ කියා සිටී.

එම කොන්දේසි ප්‍රකාරව ගාසා තීරය සහ ඊජිප්තුව යා කෙරෙන රෆා ප්‍රවිෂ්ටය  තව දුරටත් වසා තැබීමට ද ඊශ්‍රායලය විසින් පියවර ගෙන තිබේ.

ගාසා සටන් විරාමය මධ්‍යයේ, ඊශ්‍රායල හමුදා හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඇතැම් ස්ථානයන්හි  හමුදා මෙහෙයුම් ද සිදු කළහ. එම මෙහෙයුම් තව දුරටත් අඛණ්ඩව සිදු කෙරේ.

සටන් විරාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ල කර ගනිති.

3XTQWH526NPGLGKCRRQE4XPDXA

හමාස් සංවිධානය, නිරායුධ කරණය ප්‍රතික්ෂේප කරමින් ගාසා තීරයේ බලය තහවුරු කරගැනීමේ වෑයමක තව දුරටත් නිරත වේ. එසේ වුව, එහි අඩකට වැඩි පාලනය තවමත් ඇත්තේ ඊශ්‍රායල හමුදා සතුව වේ. හමාස් සංවිධානය සාමකාමී ලෙස අවි අත් නොහරින්නේ නම්, ගාසා තීරයේ ප්‍රහාර යළි අරඹන බව, ඊශ්‍රායල හමුදා අවධාරණය කරති.

ගාසා යුද්ධයෙන් මේ වන විට 71,000කට අධික පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/8/2026
(harshaprs@yahoo.com)


මුලාශ්‍රය :

Israeli forces kill 11 in Gaza, say they hit rocket launch site


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...