BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බොන්ඩි වෙරළ සමූහ ඝාතනය සෙවීමට රාජකීය කොමිසමක්

T

The Leader Desk

January 9, 2026 • 7:27 AM

බොන්ඩි වෙරළ සමූහ ඝාතනය සෙවීමට රාජකීය කොමිසමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුද්ගලයන් 15 දෙනකු ඝාතනය කෙරුණු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළේ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට රාජකීය කොමිසමක් පත් කෙරේ.
  •   ජාත්‍යන්තරව ද අතිශය ජනප්‍රියත්වයට පත් බොන්ඩි නොහොත්, බොන්ඩායි වෙරළේ පැවැත්වෙමින් තිබූ යුදෙව් සැමරුමක් ඉලක්ක කර පිය පුතු ප්‍රහාරක දෙපළක් විසින් එම සමූහ මිනිස් ඝාතන සිදු කෙරුණේ ඉකුත් මස 14 දාය.
  • වසර 30කට පසු එරට සිදු වූ අති බිහිසුණු ම මිනිස් ඝාතනය එය වේ.
  •   අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් විශ්‍රාමික විනිසුරු වර්ජිනියා බෙල් ගේ නායකත්වයෙන් යුත් රාජකීය විමර්ශන කොමිසම හමුවේ ජනතාවට සාක්ෂි ලබා දිය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


එය එරට බලගතුම මහජන විමර්ශනය බව අග්‍රාමාත්‍ය, ඇන්තනී අල්බනීස් ඊයේ (8) පැවසීය.  

ජාත්‍යන්තරව ද අතිශය ජනප්‍රියත්වයට පත් බොන්ඩි නොහොත්, බොන්ඩායි වෙරළේ පැවැත්වෙමින් තිබූ යුදෙව් සැමරුමක් ඉලක්ක කර පිය පුතු ප්‍රහාරක දෙපළක් විසින් එම සමූහ මිනිස් ඝාතන සිදු කෙරුණේ ඉකුත් මස 14 දාය. වසර 30කට පසු එරට සිදු වූ අති බිහිසුණු ම මිනිස් ඝාතනය එය වේ.

 

wirestory 4ea9dc7ab8db5d4b1edc869413e3111c 16x9 1600අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස්

විශ්‍රාමික විනිසුරු වර්ජිනියා බෙල් ගේ නායකත්වයෙන් යුත් රාජකීය විමර්ශන කොමිසම හමුවේ ජනතාවට සාක්ෂි ලබා දිය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

වෙඩි තැබීම් සම්බන්ධයෙන් මෙන්ම, යුදෙව් විරෝධය සහ සමාජ සහජීවනය පිළිබඳව ද එහිදී සලකා බැලෙනු ඇත. අදාළ විමර්ශන පිලිබඳ වාර්තාව මෙම දෙසැම්බරයේදී භාර දීමට නියමිත ය.

 



(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/9/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Australia to hold wide-ranging inquiry into antisemitism after Bondi attack

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බොන්ඩි වෙරළ සමූහ ඝාතනය සෙවීමට රාජකීය කොමිසමක් | The Leader