BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානය විසන්ධි වේ

T

The Leader Desk

January 9, 2026 • 2:21 PM

ඉරානය විසන්ධි වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය ගෝලීය වශයෙන් විසන්ධි වී තිබේ. රට තුළ හට ගෙන ඇති ජන අරගල හේතුවෙන් එරට අන්තර්ජාල සබඳතා තවදුරටත්
  • ගුවන් ගමන් මුළුමනින් අවලංගු කර ඇත.
  • මහජන දේපළ වලට හානි සිදු කරමින් අරගලයේ යෙදෙන සියල්ලන්, රජයට එරෙහි විදෙස් කුලී හේවායන් සේ සලකා කටයුතු කරන බව, ඔහු අවධාරණය කළේය.
  • විසිරී සිටින විපක්ෂය, ජන අරගල උදෙසා තව තවත් විරෝධතා කරුවන් කැඳවමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

මුළුමනින්ම අවහිර කිරීමට රජය අද (9) පියවර ගත්තේය.  සියලු දුරකථන සබඳතා ද විසන්ධි කර තිබේ. ගුවන් ගමන් මුළුමනින් අවලංගු කර ඇත. නව  මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීම් ද අතිශය මන්දගාමීව පවතී.

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බහට අවනතව අරගලයේ යෙදීම පිලිබඳ, එරට උත්තරීතර නායක, අලි ඛමෙනි ජාතිය අමතමින් විරෝධතාකරුවන්ට චෝදනා කළේය.

මහජන දේපළ වලට හානි සිදු කරමින් අරගලයේ යෙදෙන සියල්ලන්, රජයට එරෙහි විදෙස් කුලී හේවායන් සේ සලකා කටයුතු කරන බව, ඔහු අවධාරණය කළේය.

ඉරානයේ ආර්ථික අවපාතයට එරෙහි ජන උද්ඝෝෂණ උග්‍ර අතට  හැරී පවතී.

විසිරී සිටින විපක්ෂය, ජන අරගල උදෙසා තව තවත් විරෝධතා කරුවන් කැඳවමින් සිටී. මුළු ලොවම ඉරානය දෙස බලා සිටින මොහොතේ, වහා වීදි බැස අරගලයට සහාය දෙන ලෙස ජනතාව වෙතින් ඉල්ලීම් සිදු කෙරේ.

ඉකුත් ගිම්හානයේ ජනපති ට්‍රම්ප්, ඉරානයට බෝම්බ හෙලීය. ඉරාන ජන අරගලයට සහායට එක්සත් ජනපදය එක්වනු ඇති බවට ද ඔහු ඉකුත් සතියේ අනතුරු ඇඟවීම් සිදු කළේය.

වීදි උද්ඝෝෂණයේ නිරත විරෝධතාකරුවෝ බස් රථ, මෝටර් රථ සහ යතුරුපැදි  ගිනි තබා ඇති අයුරු දැක්වෙන දර්ශන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි. දුම්රිය ස්ථාන සහ බැංකු ද ගිනි ගෙන දැවෙමින් පවතී. එය යුද පිටියක් සේ දිස්වන බව මාධ්‍ය පවසයි.

(සටහන |Reuters ඇසුරින්;  හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran cuts internet as Supreme Leader warns protesters

සබැඳි පුවත් :
ඉරානයේ ජන අරගල උග්‍ර අතට; 38ක් මරුට; 2,200ක් අත්අඩංගුවට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...