BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය දරුණු අතට

T

The Leader Desk

January 9, 2026 • 2:49 PM

ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය දරුණු අතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වෙතින් අද (9) දැඩි කුණාටු සහිත කාලගුණයක් වාර්තා විය. එය ගරෙටී (Goretti) සුළි කුණාටුව ලෙස නම් කර තිබේ.
  • එංගලන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට නිවාස 57,000කට පමණ විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ.
  • විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීම සදහා නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර කුණාටු තත්ත්වය හේතුවෙන් එම කටයුතු මන්දගාමී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
  • එමෙන්ම එම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගමනාගමන කටයුතු ද සීමා කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කුණාටුව හේතුවෙන් උතුරු යුරෝපීය කලාපයේ නිවාස සිය දහස් සංඛ්‍යාවකට විදුලිය බිඳ වැටී පවතී.

එංගලන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට නිවාස 57,000කට පමණ විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ.

විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීම සදහා නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර කුණාටු තත්ත්වය හේතුවෙන් එම කටයුතු මන්දගාමී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම එම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගමනාගමන කටයුතු ද සීමා කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන් ද 50කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර අධික හිම පතනය හේතුවෙන් ගුවන් ධාවන පථද වසා දැමීමට පියවර ගෙන ඇත.

කුණාටුව හේතුවෙන් එරට උග්‍ර හිමපතනයක් ද වාර්තා වේ.

ස්කොට්ලන්තයේ සහ මධ්‍යම එංගලන්තයේ  පාසල් සිය ගණනක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

දුම්රියෙන් ගමන් නොකරන ලෙස මගීන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඇතැම් දුම්රිය සේවා අත්හිටුවා තිබේ.

මේ අතර ප්‍රංශයේ පමණක් නිවාස එකක 380,000ක් වෙත විදුලිය ඇණහිට තිබේ.

වයඹදිග ප්‍රංශයේ රාත්‍රිය පුරා සුළඟේ ගැස්ම පැයට  කි.මී.150ක් බව වාර්තා  විය. බාර්ෆ්ලර් හි එය පැයට කි.මී.213ක් විය. පැරිසිය සහ නොර්මැන්ඩි කලාපය අතර සියළු දුම්රිය සේවා අත්හිටුවා  ඇත.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)
1/9/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Hundreds of thousands without power as Storm Goretti hits France, Britain

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...