BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ග්‍රීන්ලන්තය අප සතු කරගත යුතුයි, නැතිනම් රුසියාව හෝ චීනය එය අත්පත් කරගනු ඇත' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

January 10, 2026 • 6:13 AM

'ග්‍රීන්ලන්තය අප සතු කරගත යුතුයි, නැතිනම් රුසියාව හෝ චීනය එය අත්පත් කරගනු ඇත' - ජනපති ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාව හෝ චීනය අනාගතයේදී ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය එම දූපතේ අයිතිය ලබාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
  • ග්‍රීන්ලන්තය දැනට ඩෙන්මාර්ක රාජධානියට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන අතර, එහි ජනගහනය 57,000ක් පමණ වේ.
  • 1951 ගිවිසුමක් යටතේ ඇමරිකානු හමුදා දැනටමත් එහි රැඳී සිටියද, එවැනි ගිවිසුම් පමණක් දූපතේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බව ජනපති ට්‍රම්ප් පෙන්වා දෙයි.
  • මොකද අපි එහෙම නොකළොත් රුසියාව හෝ චීනය එය අත්පත් කරගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ධවල මන්දිරයේදී තෙල් සමාගම් විධායක නිලධාරීන් හමුවූ අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්‍රීන්ලන්තය දැනට ඩෙන්මාර්ක රාජධානියට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන අතර, එහි ජනගහනය 57,000ක් පමණ වේ.

1951 ගිවිසුමක් යටතේ ඇමරිකානු හමුදා දැනටමත් එහි රැඳී සිටියද, එවැනි ගිවිසුම් පමණක් දූපතේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බව ජනපති ට්‍රම්ප් පෙන්වා දෙයි.

"අපි ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් යමක් කරනවා. මොකද අපි එහෙම නොකළොත් රුසියාව හෝ චීනය එය අත්පත් කරගන්නවා. රුසියාව හෝ චීනය අපේ අසල්වැසියන් වෙනවාට අපි කැමති නැහැ. ඔබ ආරක්ෂා කළ යුත්තේ අයිතිය මිස බදු පදනම මත ලබාගත් ගිවිසුම් නෙවෙයි," යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ඩෙන්මාර්කය ඇතුළු යුරෝපා රටවල් දැඩි විරෝධයක් පළ කර ඇති අතර, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය යන රටවල් ඩෙන්මාර්කය සමග එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ග්‍රීන්ලන්තයට සහ ඩෙන්මාර්කයට පමණක් බවයි.


( hirunews)


Trump says US needs to 'own' Greenland to prevent Russia and China from taking it

NATO faces a major crisis over Greenland. Europe seems powerless to stop it

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ග්‍රීන්ලන්තය අප සතු කරගත යුතුයි, නැතිනම් රුසියාව හෝ චීනය එය අත්පත් කරගනු ඇත' - ජනපති ට්‍රම්ප් | The Leader