BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වෙනිසියුලාවෙන් වහාම පිටවන්නැයි අමෙරිකාවෙන් සිය පුරවැසියන්ට හදිසි දැනුම්දීමක්

T

The Leader Desk

January 11, 2026 • 9:18 AM

වෙනිසියුලාවෙන් වහාම පිටවන්නැයි අමෙරිකාවෙන් සිය පුරවැසියන්ට හදිසි දැනුම්දීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.
  • ඒ හේතුවෙන් එක්සත් ජනපද පුරවැසියන් මෙම තත්ත්වය සම්බන්ධව සුපරික්ෂාකාරීව සිටින ලෙසත් මාර්ගයන් හී ගමන් ගන්නා විට ප්‍රවේශම් වන ලෙසත් තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද පුරවැසියන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වී ඇති බැවින් වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම එරටින් පිටත් විය යුතු බවය.

මේ සම්බන්ධව වෙනිසියුලාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලාවේ ආරක්ෂක තත්ත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් ඒ අනුව වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම වෙනිසියුලාවෙන් පිටත්ව යන ලෙසත්ය.

venq89n3aa

පිටත්ව යාමට පෙර එක්සත් ජනපද පුරවැසියන් පූර්වාරක්ෂාවන් ගත යුතු බවත් ඔවුන්ගේ වටපිටාව පිළිබඳව දැනුවත් විය යුතු බවත් දන්වා ඇති තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ, වෙනිසියුලාවේ සිටින කොලෙක්ටිවෝස් ලෙස හැඳින්වෙන සන්නද්ධ මිලිෂියා කණ්ඩායම් මාර්ග බාධක පිහිටුවා එක්සත් ජනපද පුරවැසිභාවය හෝ එක්සත් ජනපදයට සහාය දැක්වීමේ සාක්ෂි සොයමින් සිටින බව මේ වන විට වාර්තා වී ඇති බවය.

ඒ හේතුවෙන් එක්සත් ජනපද පුරවැසියන් මෙම තත්ත්වය සම්බන්ධව සුපරික්ෂාකාරීව සිටින ලෙසත් මාර්ගයන් හී ගමන් ගන්නා විට ප්‍රවේශම් වන ලෙසත් තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

එමෙන්ම සංචාරය සඳහා වෙනිසියුලාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින එක්සත් ජනපද පුරවැසියන්ට එරට සංචාරය කිරීමෙන් වළකින ලෙසත් දන්වා ඇති අතර වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් සිය පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග සන්නිවේදනය සඳහා වූ බහුවිධ ක්‍රම ස්ථාපිත කරගත යුතු බවත් එරට පිහිටි තානාපති කාර්යාලය දන්වා තිබේ.

| adaderana

මුලාශ්‍ර :

US warns Americans to leave Venezuela immediately as armed militias set up roadblocks

'GET OUT NOW' Urgent ‘do not travel’ warning issued & Americans told to leave Venezuela immediately as gangs ‘hunting for Trump fans’

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...