ඒ සම්බන්ධයෙන්, බ්‍රහස්පතින්දා (8) පැවති ඡන්දය 52 ට 47 ක් වශයෙන් සම්මත විය. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙක් ද ජනාධිපතිවරයාට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. එම යෝජනාව විවාදයෙන් සම්මත වුවහොත්, කොංග්‍රසයේ අනුමැතියකින් තොරව වෙනිසියුලාව තුළ හෝ ඊට එරෙහිව සහ, එහි අභ්‍යන්තර කටයුතු පිණිස මැදිහත්වීමට ජනපතිවරයා විසින් යොදවා ඇති එක්සත් ජනපද සන්නද්ධ හමුදා ඉවත් කිරීමට සිදුවනු ඇත.
ඒ පිලිබඳ සෙනෙට් සභා විවාදය මෙම සතියේ සිදු කිරීමට නියමිතය.

ස්වෛරී වෙනිසියුලාව තුළ තව දුරටත්, එක්සත් ජනපද හමුදා මැදිහත්වීම් වැලැක්වීම උදෙසා ලද මෙම ඓතිහාසික, ද්විපාර්ශ්වික ඡන්දය සමඟින්, කොංග්‍රසය, යුද්ධය සහ සාමය පිළිබඳ නිවැරදි තීරණයන්ට එළඹෙමින් එහි ව්‍යවස්ථාපිත භූමිකාව යලි තහවුරු කිරීමේ දිගුකාලීන ක්‍රියාන්විතයකට පිවිස ඇතැයි, දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
වෙනිසියුලා ජනපති නිකොලස් මදුරෝ පැහැර ගැනීමෙන් අනතුරුව ජනපති ට්‍රම්ප් කැරිබියන් කලාපයේ එක්සත් ජනපද හමුදා බලය තර කිරීමට පියවර ගත්තේය. නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රා වෙත කෙරෙන ප්‍රහාර අඛණ්ඩව පවත්වාගෙන යන බව, ඔහු අවධාරණය කළේය.

මදුරෝ පැහැර ගැනීමත් සමග උප ජනපතිනි, ඩෙල්සි රොඩ්‍රිගස් එරට අන්තර්වාර ජනපති ධුරයේ වැඩ භාර ගත්තාය. ඇය සිය බහට අවනත නොවන්නේ නම්, හිටපු ජනපතිවරයා ලද දඬුවමට වැඩි දඬුවමකට යටත් වීමට සිදු වනු ඇතැයි ජනපති ට්‍රම්ප් තදින් කියා සිටියේය.
වෙනිසියුලාවට අමතරව ට්‍රම්ප්, බටහිර අර්ධ ගෝලයේ තවත් රටවල ද සිය හමුදා ශක්තිය පෙන්වන බවට තර්ජනය කර සිටී. කියුබාව, කොලොම්බියාව සහ ග්‍රීන්ලන්තය ද මේ වන විට ඔහුගේ තර්ජනයට ලක්ව ඇත.

මේ අතර වෙනිසියුලාවේ රැඳී සිටින සියළු ඇමෙරිකානු පුරවැසියන්ට වහා ඉවත්වන ලෙස එක්සත් ජනපද රජය සෙනසුරාදා (10) නව අනතුරු ඇඟවීම් නිකුත් කළේය. පවතින ආරක්ෂක තත්ත්වය සහ එරට සිටින ඇමෙරිකානුවන් හට ප්‍රමාණවත් හදිසි ආධාර ලබා දීමට මේ මොහොතේ එක්සත් ජනපද රජයට පවතින අපහසුතා හේතුවෙන් එම තීරණයට එළැඹි බව කරාකස් අගනුවර එක්සත් ජපද තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/12/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍ර :
US Senate advances resolution to curb Trump military authority in Venezuela
US urges Americans to leave Venezuela immediately
Withdrawing the United States from International Organizations, Conventions, and Treaties that Are Contrary to the Interests of the United States




