සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමෙහි පසුගිය ඉරිදා (11) සටහනක් තබමින් ජනපතිවරයා අවධාරණය කර ඇත්තේ තවදුරටත් කියුබාවට, වෙනිසියුලාවෙන් මුදල් හෝ තෙල් පොම්ප නොකෙරෙනු ඇති බවයි.

එක්සත් ජනපද හමුදා ඉකුත් ජනවාරි 3 වන දින වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් හි සිදුකළ වැටලීමකින් අනතුරුව, එරට ජනපති නිකලස් මධුරෝ අත්අඩංගුවට ගත් දා පටන්, ට්‍රම්ප් පරිපාලනයේ ඇස කියුබාව කෙරෙහි ද යොමු වී ඇත.
කියුබාවේ දිගුකාලීන මිතුරකු මෙන්ම විශාලතම තෙල් සැපයුම්කරු සැලකෙන වෙනිසියුලාව පසුගිය වසරේ දී දිනකට තෙල් බැරල් 26,500 ක් පමණ අපනයනය කර ඇති බව වෙනිසියුලානු රාජ්‍ය අනුබද්ධිත තෙල් සමාගමක් වන PDVSA හි අභ්‍යන්තර සහ නැව් ගමනාගමන සංඛ්‍යාලේඛන අනුව සඳහන් වේ.
ට්‍රම්ප් තැබූ සමාජ මාධ්‍ය සටහන
කෙසේ වෙතත්, කියුබානු ජනාධිපති මිගයිල් ඩයස් කැනල් X සමාජ මාධ්‍යයේ හි සටහනක් තබමින් ට්‍රම්ප්ගේ තර්ජන ප්‍රතික්ෂේප කර තිබේ.
"කියුබාව කියන්නේ නිදහස්, ස්වාධීන සහ ස්වෛරී ජාතියක්. අපි කරන්න ඕන මොකක්ද කියලා කිසි කෙනෙක්ට නියම කරන්න බැහැ."
"අවසන් ලේ බිංදුව දක්වා මව්බිම ආරක්ෂා කිරීමට සූදානම්," යැයි කියුබානු ජනපතිවරයා එමඟින් අවධාරණය කර ඇත.
කියුබානු ජනාධිපති තැබූ සමාජ මාධ්‍ය සටහන
මුලාශ්‍ර :
Cuba defiant after Trump says island to receive no more Venezuelan oil or money
Trump says no more Venezuelan oil or money to go to Cuba, demands ‘deal’
Donald Trump's Warning to Cuba, Havana Says 'Will Fight to the Last Drop of Blood'




