BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පලස්තීන ලේඛක තහනමකින් ඕස්ට්‍රේලියාවේ උළෙලක් අවලංගුයි

T

The Leader Desk

January 13, 2026 • 7:16 AM

පලස්තීන ලේඛක තහනමකින් ඕස්ට්‍රේලියාවේ උළෙලක් අවලංගුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාවේ ඉහළම ලේඛක උළෙලක් අවලංගු කෙරේ.
  • පලස්තීන ලේඛකයකු නිහඬ කිරීමේ පාර්ශ්වකරුවකු ලෙස තව දුරටත් රැඳී සිටිය නොහැකි බව, ඇය ප්‍රකාශ කළාය.
  •   රැන්ඩා අබ්දෙල්-ෆාටා උළෙලේ ආරාධනා හරණයට ලක්ව ඇත්තේ රැන්ඩා අබ්දෙල්-ෆාටා (Randa Abdel-Fattah) නම් නවකතා ලේඛිකාවකි.
  • සංවිධායක මණ්ඩලයේ තීරණය, පලස්තීන විරෝධී ජාතිවාදයේ සහ වාරණයේ නිර්ලජ්ජිත ක්‍රියාවක් බව ඇය කියා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඊට සහභාගී වීමට නියමිත පලස්තීන ලේඛකයකු එම උළෙලින් ඉවත් කිරීම පදනම් කර සියලු ලේඛකයින් එය වර්ජනය කිරීම හේතුවෙන් අද (13) එය අවලංගු කෙරුණු අතර, එහි අධ්‍යක්ෂිකාව ද ඉල්ලා අස්  වූවාය. පලස්තීන ලේඛකයකු නිහඬ කිරීමේ පාර්ශ්වකරුවකු ලෙස තව දුරටත් රැඳී සිටිය නොහැකි බව, ඇය ප්‍රකාශ කළාය.

randa 1

 

පසුගිය දා සිඩ්නි නුවර බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ ඝාතනය හේතුවෙන් හටගත් මහජන විරෝධතා තහනමට පියවර ගැනීම නිදහස් භාෂණයේ අයිතිය උල්ලංඝනය කරන්නකැයි ද ඇය කියා සිටියාය.

පෙබරවාරි මස පැවැත්වීමට නියමිත 'ඇඩිලේඩ් ලේඛක සතිය' උළෙල සංවිධායක මණ්ඩලය විසින් පලස්තීන - ඕස්ට්‍රේලියානු සම්භවයක් සහිත ලේඛකයකු වෙත, ඊට සහභාගී වීමට ආරාධනා නොකිරීමට තීරණය තීරණය කෙරිණි. එම තීරණය පදනම් කොට, එහි අධ්‍යක්ෂිකාව වූ, ලුවී ඇඩ්ලර් ඉන් ඉවත් වූවාය. ඇය යුදෙව් ජාතික කාන්තාවක වීමද විශේෂත්වයකි.

 

රැන්ඩා අබ්දෙල්-ෆාටා
උළෙලේ ආරාධනා හරණයට ලක්ව ඇත්තේ රැන්ඩා අබ්දෙල්-ෆාටා (Randa Abdel-Fattah) නම් නවකතා ලේඛිකාවකි. සංවිධායක මණ්ඩලයේ තීරණය, පලස්තීන විරෝධී ජාතිවාදයේ සහ වාරණයේ නිර්ලජ්ජිත ක්‍රියාවක් බව ඇය කියා සිටියාය.

පසු ගිය මස බොන්ඩායි වෙරළේ පැවති යුදෙව් හනුක්කා සැමරුමක් ඉලක්ක කර පිය - පුතු ප්‍රහාරක දෙපළක් විසින් සිදු කළ ත්‍රස්ත වෙඩි තැබීමෙන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මිය ගිය පිරිස සිහි කර මෙම මස 22 දා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන බව, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය, ඇන්තනී ඇල්බනීස් අද නිවේදනය කළේය.

ජන සමූහයක් ඉලක්ක කළ එම අතිශය අමානුෂික සිදුවීමේ වේදනාව පහව යන්නට මත්තෙන්, ලේඛක උළෙල වෙනුවෙන් අබ්දෙල්-ෆාටා හට ආරාධනා නොකිරීම සංස්කෘතික වශයෙන් සංවේදී කරුණක් නොවන සේ සලකා සිය තීරණයට එළැඹි බව ලේඛක උළෙල සංවිධායක මඬුල්ල කියා සිටී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/13/2026
(harshaprs@yahoo.com)

Top Australian writers' festival cancelled after Palestinian author barred

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...