රජයට එරෙහිව අඛණ්ඩ උද්ඝෝෂණයේ යෙදෙන ලෙසත්, රාජ්‍ය දේපළ අත්පත් කර ගන්නා ලෙසත් එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන ජනතාවට ඊයේ (13) දන්වා සිටියේය.
"බය වෙන්න එපා උදව් මග එනවා," ඔහු එසේ පැවසීය.
"බය වෙන්න එපා උදව් මග එනවා," ඔහු එසේ පැවසීය.

රට තුළ කැළඹීම් සහ භීෂණය ඇති කර රජය අස්ථාවර කිරීමට ජනතාව පෙළඹවීම පිළිබඳව ඉරාන රජය, එක්සත් ජනපදය වෙත විරෝධය පළ කළේය.
විරෝධතා කරුවන් ඝාතනය නවතන තෙක් කිසිදු ඉරාන නිලධාරියකු හා සාකච්ඡා නැතැයි ද ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය. ජන ඝාතකයින්ගේ නම් ලියා තබා ගන්නා ලෙසත්, ඔවුන්ට එම අපරාධයන්ට වන්දි ගෙවීමට සිදුවන බවත් ඔහු කියා සිටියේය.
ඉරාන අරගලයෙන් මේ වන විට 2000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති. රජයට එරෙහි විරෝධතාවේ නියුතු 16,784 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.
තුර්කිය හෝ ආර්මේනියා දේශ සීමා ඔස්සේ ඉරානයෙන් වහා ඉවත්වන ලෙස එක්සත් ජනපද රජය විසින් ඉරානයේ සිටින සියළු ඇමෙරිකානු පුරවැසියන් වෙත දැනුම් දී තිබේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/14/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Trump urges Iranians to keep protesting, saying 'help is on its way'