ඉරානය සහ කලාපය අස්ථාවරවීම වළකාලීම එහි අරමුණ බව, තුර්කි විදේශ අමාත්‍ය හකාන් ෆීඩන් (Hakan Fidan) අද (15) පැවසීය.
එක්සත් ජනපද හමුදා, ඉරානය වෙත ප්‍රහාර එල්ල කළහොත්, තුර්කියේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ඉරානය විසින් තර්ජනය කර තිබේ.
කලාපයේ නොසන්සුන්කාරීත්වය පිලිබඳ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ෆීඩන්, පසු ගිය දා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි සමග දුරකථන කතා බහක් ද සිදු කළේය.
තුර්කි රජය වත්මන් තත්ත්වය පිලිබඳ එක්සත් ජනපදය සමග ද නිරන්තර සාකච්ඡාවේ පසුවේ. ටෙහෙරානය සහ වොෂින්ටනය අතර සෘජු සාකච්ඡා මේ වන විටත් අත්හිටුවා ඇත.
ගැටළුව නිරාකරණය කිරීමට තුර්කිය අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හි නිරත බව, ඉස්තාන්බුල් නුවර දී මාධ්‍යවේදීන් ඇමතූ ෆීඩන් කියා සිටියේය. ඉරානය සහ එක්සත් ජනපදය එක්ව ගැටුමට සාධාරණ විසඳුමක් සොයා පියවර ගනු ඇතැයි, අපේක්ෂා කරන බව, ඔහු පැවසීය.
"ඉරානයට එරෙහි හමුදා මැදිහත්වීමකට අපි විරුද්ධයි. ඔවුන්ට ආවේනික අභ්‍යන්තර ගැටළු ඔවුන් විසින්ම විසඳා ගැනීමට අවස්ථාව සැලසිය යුතුයි," ඔහු අවධාරණය කළේය. ටෙහෙරානය යළි ඊශ්‍රායලය හෝ එක්සත් ජනපදය සමග නව ගැටුම් ඇති කර ගැනීමේ සම්භාවිතාව අනුමත නොකරන බව ද, හෙතෙම කියා සිටියේය.
ඉරානය සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් තුර්කිය මත 25%ක නව අපනයන බද්දක් පැනවීම පිලිබඳ මෙතෙක් එක්සත් ජනපද ජනපති නිර්දේශයක් නැතැයි ද ඔහු සඳහන් කළේය. ඉරානය සමග ගනුදෙනු කරන කවර රජයකින් වුව, එක්සත් ජනපදය වෙත එහි අපනයන මත 25% ක නව බද්දක් පනවන බව, ජනපති, ට්‍රම්ප් පසු ගිය දා පැවසීය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/15/2026
(harshaprs@yahoo.com)
සබැඳි පුවත් :
Turkey says it opposes military intervention in Iran, priority is avoiding destabilisation




