නිම කිරීමේ නව සැලසුමක් ඉදිරිපත් කෙරේ.
එක්සත් ජනපද තැරැව්කාරත්වය මත ක්‍රියාත්මක සටන් විරාමය යටතේ, ගාසා පරිපාලනය අධීක්ෂණය පිණිස පත්කළ හිටපු පලස්තීන රාජ්‍ය නිලධාරියකු වන, අලි ෂාත් විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ගාසා සටන් විරාමයේ මීළඟ අදියර සමාරම්භය සනිටුහන් කරමින් අද (15), ඔහු එම තනතුරට පත් කෙරිණි. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවකු වන ඔහු ගාසා හි හිටපු නියෝජ්‍ය සැලසුම් අමාත්‍යවරයා ද වේ.
නව පත්කිරීමට අනුව පලස්තීන තාක්ෂණවේදීන් 15කගෙන් සැදුම්ලත් කමිටුවක සභාපතිවරයා ඔහු ය. වසර ගණනක් හමාස් පාලනය යටතේ පැවති පලස්තීන භූමියේ පාලනය ඒ වෙත පැවරේ.
ජනපති ට්‍රම්ප්ගේ සැලසුම ප්‍රකාරව, ගාසා තීරයේ හරි අඩකින් පමණ මේ වන විටත්, ඊශ්‍රායල හමුදා ඉවත්ව සිටිති. එහෙත්, අනෙක් අර්ධයේ පාලනය තවමත් එම හමුදා සතුව පවතී.
ගාසා තීරය, මැදපෙරදිග පිහිටි සුන්දරතම වෙරළ තීරයන්ගෙන් හෙබි අති සුඛෝපභෝගී ක්ෂේම කලාපයක් ලෙස ප්‍රතිසංස්කරණය කරන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතිඥා දී තිබේ.
යුද්ධයෙන් මුළුමනින් විනාශයට පත් ගාසා තීරයේ ඉවත් කිරීමට පවතින සමස්ත සුන්බුන් ප්‍රමාණය ටොන් මිලියන 68ක් බවට හඳුනා තිබේ. ඊට අමතරව, එහි පුපුරා නොගිය බෝම්බ කොටස් විශාල ප්‍රමාණයක් ද පවතින බව අනාවරණය කර ඇත.
අද පලස්තීන ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ෂාත්, ගාසා සුන්බුන්, මධ්‍යධරණී මුහුදට එක් කිරීමෙන් නව දිවයිනක් ඉදිවන බවත්, එම ක්‍රියාවලිය මගින් සුන්බුන් ඉවත් කෙරෙන අතරම ගාසා තීරයට නව භූමියක් දිනා දීමේ අවස්ථාව උදාවන බවත් පැවසීය. සුන්බුන් ඉවත් කිරීමට අවම වශයෙන් තෙවසරක්වත් ගතවනු ඇතැයි ද ඔහු කියා සිටියේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/15/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
The Trump-backed Palestinian who wants to push Gaza's rubble into the sea




