BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දකුණු කොරියාවේ ගින්නක්

T

The Leader Desk

January 16, 2026 • 3:43 AM

දකුණු කොරියාවේ ගින්නක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියාවේ, දකුණු සියොල් හි අද (16) ගඞ්නම් (Gangnam) දිස්ත්‍රික්කයේ ගින්නක් හටගෙන තිබේ.
  • ගින්න හටගත් ස්ථානයේ පදිංචිකරුවන් 47 දෙනකු මුදා ගැනීමට සහන සේවා කටයුතු කළහ.
  • ගිනි නිවන හමුදා, ගින්න ව්‍යාප්තිය වැලැක්වීමට පියවර ගනිමින් සිටිති.
  • සිද්ධිය වූ ස්ථානය වෙත ගිනි නිවන ට්‍රක් රථ 85ක් පිටත් කර යවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


 ගින්න මැඩ පැවැත්වීමට ගිනි භටයින් 300ක ට අධික පිරිසක් කැඳවා  තිබේ.

එම ගිනි අනතුරින්, මෙතෙක් කිසිදු පුද්ගල මරණයක් වාර්තා වී නැත. ගින්න හටගත් ස්ථානයේ පදිංචිකරුවන් 47 දෙනකු මුදා ගැනීමට සහන සේවා කටයුතු කළහ.

මේ වන විටත්, ගින්න අසල කඳුකර පෙදෙසක් වෙත ව්‍යාප්ත වෙමින් පවතී. ගිනි නිවන හමුදා, ගින්න ව්‍යාප්තිය වැලැක්වීමට පියවර ගනිමින් සිටිති.

සිද්ධිය වූ ස්ථානය වෙත ගිනි නිවන ට්‍රක් රථ 85ක් පිටත් කර යවා ඇත. ගින්න හේතුවෙන් නගරයට ඉහළ අහසේ පවතින අධික දුමාරය සහ දුහුවිලි වළා හේතුවෙන් සහන කටයුතු පිණිස හෙලිකොප්ටර පිටත් කර හැරිය නොහැකිව ඇතැයි, බලධාරීහු කියති.

සියළු කාර්ය මණ්ඩල සහ සම්පත් වහා මුදා හැර අනතුරින් ජීවිත මුදා ගන්නා ලෙසත්, ගින්න මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය, යුන් හෝ-ජූඞ් (Yun Ho-jung) විසින් අදාළ නිලධාරී වෙත උපදෙස් නිකත් කර තිබේ.

දකුණු කොරියාවේ ධනවත් සහ සුඛෝපභෝගී ගඞ්නම් දිස්ත්‍රික්කයේ, පැල්පත් නිවෙස් සහිත ගූර්යොඞ් (Guryong) ගම්මානයේ එම ගින්න හට ගෙන තිබේ. 


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)
1/16/2026
(harshaprs@yahoo.com)


මුලාශ්‍රය :

Major fire breaks out in slum area of South Korea's Gangnam district

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...